Thursday, April 26, 2012

හිතුවක්කාර...සීතල....කවියක් හරියට නුඹ වගේ.....!


කාලයකට පස්සේ පන්ති ඇරිලා එන ගමන් පුංචි මෝඩ වැඩකට ඉඩක් ලැබුණා.
බස් එකෙන් බහිනකොටම අහස කළු කරලා....පුංචි කුඩු පොදක්.වැඩි වෙලා යන්න හම්බවුනේ නෑ කුඩු පොද ලොකු ලොකු වැහි බිඳු වලට පෙරලුණා.කුඩෙත් අතේ තියන් බස්නැවතුම්පලට වෙලා ටික වෙලාවක් බලාගෙන ඉඳපු මට...මගේ හිතුවක්කාර හිත ඉන්න දුන්නෙම නෑ....

"ඔය ටික දුර ඉක්මනට යනවා..වැහි තද වෙන්න කළින්..."

අනිත් හැමෝම බස්නැවතුම්පලේ සෙවණ සොයද්දි මම පණ්ඩිතකමට කුඩේත් ඉහළන් එළියට බැස්සා.ඇත්තම කතාව නම් ඉක්මනට ගෙදර යනවාටත් වඩා වැස්සට තෙමෙන්න තිබ්බ ආසාව....
තවත් පිස්සුවක් ඇතෙයි....
මෙහෙම වැස්සට බහින්න හම්බවුනු හොඳම අවස්ථාව...
එක්කො වහිද්දි කැම්පස් එකේ..තෙමිලා පාරට බහින්න බෑනේ..
එක්කො ගෙදර....එතකොට තෙමෙන්න ගියා නම් තෙමිලා මදිවට තව ගුටි දෙකක් තුනක් කන්නත් තිබ්බා අම්මගෙන්...

 හී හී අද තමා මගේ දවස.....

ඔන්න ඉතින් වැහි අස්සේ ගමන පටන් ගත්තා....
වැඩි දුර යන්න හම්බවුනේ නෑ.... වැහි බිඳු නපුරු වුනා ලොකු මොර ගෙඩි වගේ...සුලඟ එක්ක පොර බදාගෙන විත් මාව නාවාගෙන ගියා....
දැන් හරි...යා ගන්න බෑ තෙමිච්ච කිකිළි වගේ....
මට ඉස්සරහින් ගිය ආත්තම්මා කෙනෙක් වහලා තිබුනු කඩයක් අයිනට වුනා වැස්සට.මාත් එතනට දුවා ගත්තා.

"බලන්නකෝ දුවේ හරි වැස්ස නේ...."
"එකනේ ආච්චි...හොදටම තෙමුනත් එක්ක...."

කර ගන්න දෙයක් නැතිකමට ටිකක් වෙලා එතනට වෙලා හිටියා....වැහි බිඳු ආයේ ටික ටික අහිංසක වුනාම මම ආයෙත් පාරට බැස්සා.

ඔන්න මම ආදරේ වැස්ස....කුඩෙත් නැතුව තෙමෙන්න තිබ්බා නම්....
පාරේ ඉන්න මිනිස්සු මට පිස්සු කියලා හිතයි....
බෑ බෑ....ඔහොමම යනවා....ඉතින් ඔහොම පිස්සු හිත හිතාම දන්නෙම නැතුව මම ගෙදරටම ඇවිත්.....

"අම්මේ...මාව වැස්සට අහු වුනා...."

මොකුත් නොදන්න බබා වගේ ඔන්න ළමයා ගෙදර.....පිස්සු මෝඩ හිතැඟියාවක් යාන්තම් සැනසුණා.....හැබැයි ටිකක් අවුල්.....

"හාච්චීචීස්ස්ස්ස්ස්ස්.......!" 


වැහි හිරිකෝඩ දම් අහස යටින් හෙමි හෙමින් විසිරිලා ඇවිත්..
එකපාරම මහ වැහි වෙලා කඩා හැලෙන...තෙත සීතල......කවියක්
හරියට නුඹ වගේ.....

මට ඕනේ වෙලාවට එන්නෙත් නැති.....
මට ඕනේ වෙලාවට යන්නෙත් නැති.....හිතුවක්කාර...සීතල....කවියක් 
හරියට නුඹ වගේ....

දුවගෙන ගිහින් දෑත් විදහා තෙමෙන්න හිතෙන.....
හරිම සීතල සොඳුරු හැඟීමක්....ඒ වුනත්...
සීතල..තෙත...දඩබ්බරකම් දරා ගන්න බැරි මට ලියා ගන්න බැරි කවියක්
හරියට නුඹ වගේ....


දේදුන්නක් වෙලා වැස්සට පහු හිනාවෙන්න..මම බලාගෙන ඉන්නම්.....!

10 comments:

  1. හ්ම්ම්.. වැස්ස තරම් හිතට ලස්සන සිතුවිලි ගේන වෙන දෙයක් මට හිතාගන්නවත් බෑ.. කැම්පස් එකේ රූස්ස ගස් තෙමාගෙන එන ඒ වැස්සේ තෙමෙන්න මමත් ආසයි..කුඩයක් නැතුව කළුවර වුන පාරවල් දිගේ නිදහසේ ඇවිදගෙන යන්නත් මම ආසයි..

    ලස්සනයි නංගියෝ.. දිගටම ලියන්න.. අද තමා මම මේ පැත්තට ආවේ.. දන්න කියන නංගියෙක්නේ ඔයා.. :D

    ReplyDelete
  2. එකනේ..බලනකොට අපි හැමෝම වැස්සට ආදරෙයි නේ..... :))

    අක්කගෙ බ්ලොග් එකත් දැක්කෙ අහම්බෙන්...දන්න කියන නමක් නිසා පොඩ්ඩ්ක් එබිකම් කරලා බැලුවා.....!! :DDD
    ස්තූතියි ගොඩාක්...පුළුවන් තරම් කාලයක් ලියන්නයි කල්පනාව....!!

    ReplyDelete
  3. වැස්සෙ තෙමෙන්න මාත් අඅසයි!!! උඩ පැන පැන වැස්සෙ දුවන්න.. අර කොයි මිල් ගයා ෆිල්ම් එකේ රිතික් එක්ක ප්‍රිටී නටන්නෙ..:D ඒ වගේ වතුර චක චක ගාල තලන්න මාත් අඅසයි..:D ශෝයි අනෙ!!! මරු අදහස..

    ReplyDelete
  4. හයියෙන් වහින වැස්සට තෙමෙනකොට.......නලල දිගේ වැහි බින්දු අමුතු සීතලක් එක්ක තොල් දෙක උඩට වැටිල හිතගන්න බැරි හැගීමක් හිතට දැනෙනව.....එකට අසව විතරක් මදි......වෙන දෙවල් වෙන්නෙ පස්සෙනෙ කියල වැස්සට තෙම්න්න.....! මට හිතෙන්නෙ කවිකරි තෙමුන මදි වගේ.....?

    ReplyDelete
  5. හික්ස්...පට්ට පට්ට.
    අපිට නම් ඉතින් ඔහොම තෙමෙන්න කියලා අමුතු ආසාවක් නෑ.කවදාවත් කුඩයක් ගිනියන්නැති අපි හැම වැස්සකින්ම නානවනේ :D :D

    ReplyDelete
  6. හී හී....බලනකොට වැස්සට වැඩිපුරම ආදරේ ගෑනු පාර්ශව වගේ....
    හිතුවක්කාරි- මාත් ආසයි අනේ...එත් අනේ ඉන්නෙ ප්‍රීටියි වැස්සයි විතරයිනේ....රිතික් නෑනේ..හී හී... :DDD
    bukz- හරියටම තෙමෙන්න බැරි වුනා තමයි....ආයේ දවසක හිතට දැනෙන්න තෙමෙන්න ඔනේ.... :P
    කුබුවි- හි හී එකත් ඇත්ත තමයි...ගෑනු ළමයි ගාව හැමවෙලේම කුඩ තියෙන හින්දාද දන්නෑ මෙච්චර වැස්සට තෙමෙන්නම හිතෙන්නේ....!! :DDD

    ස්තූතියි කස්තියටම වැස්ස ගැන මතක එක්ක කමෙන්ටුවක් එකතු කලාට....!! :)

    ReplyDelete
  7. ඉමක්‌ නැතුව අද හැලෙන
    වෙලාවකට හරි හොද
    වෙලාවකට එපා වෙන
    අර්ථකතනයක් නැති
    ගණන්කාර කවියක්
    හරියට නුබ වගේ
    :ප

    ReplyDelete
  8. මම ගැන ඇහුණු හොදම නිර්වචනය.....
    ස්තූතියි යාළුවේ....
    හිහී ඒ කියන්නේ මමත් වැස්ස වගේ....!!

    ඒ වගේම....
    ඕනා වුනත් නවතා ගන්න නොහැකි....
    එපා වුනත් හැරයන් නැති.....
    හොදටම හොඳත් නැති.....
    නරකත් නැති....
    කලාත්මක කවියක්...හරියට නුඹ වගේ....!!

    කියලා මමත් කියන්නම් නේද....

    ReplyDelete
  9. කවියනම් ලස්සනයි ..හැබැයි තෙමෙන්න නම් මන් ආස නෑ...

    ReplyDelete
  10. අපෝ දැන්නම් මාත් ආසා නෑ...
    මේ ටිකට ඇති වෙන්නම තෙමුනා හී හී

    ReplyDelete