Friday, August 24, 2012

හැඬුනාවේ...!

වැටුනාවේ...මොහොතක් එහෙමම ඉඳගෙන ඉන්න ඉඩක් ඔබට....
හැඬුනාවේ...ඉකිබිඳ හඬන්න....පපුවට මහා සනීපයක් දැනෙයි ඔබට....
අද අහස කළුවර වුනත් හෙට පායාවි එළියක්....
ඉතින් හිනාවෙන්න....
හැමදාම නොවැටී එක පිම්මේ යන්න බැරි උනාවේ....
හෙමිහිට යමු....
ජීවිතේ....හරි හෙමිහිට ලියවෙන කවියක්....!



අකුරු පද වැල් නැති වෙලාවක ජීවිතේ....
කවිකාරි ලිව්ව කවියක්...!

Saturday, August 18, 2012

නොදනිමි....!

සෙනෙ දැයි නොදනිමි
මතක පදරුත් සොයමි...
සිහිනයක් දැයි නොදනිමි
මතක කවිකම් ලියමි...

සුළඟ දැයි නොදනිමි..
සිහිලස දැනුණු බැව් පවසමි....
මිරිඟුවක් දැයි නොදනිමි
සොඳුරු සේයාවක් දෑස් අග මැවී ගිය බැව් කියමි....

අවසන දනිමි
සිහින මතක සුළඟ සැබෑවටම විඳි බැව් කියමි...
පසක් කර නුඹට කියමි...
සැබෑවක් වේදැයි නොදනිමි....



Friday, August 17, 2012

හුළඟටත් රිදෙන පියාපත්...!

හරියටම පෙනෙන්නැති දුර අනන්ත ආකාසේ....
ඉගිලිලා යන කිරිල්ලී වෙන්නද මම.....??
ආයෙමත් පැනයක්....
හරියටම පෙනෙන්නැති දුර ආකාසේ....!!
මහා පඬි කතා දාහක්...
ඒ උනත් හුළඟටත් රිදෙන පියාපත්...

කළුවර නම් අහස...
හිත හයිය කරන් එන්නම්...
ඒත්...
හෙන පිපිරුවොත් බය හිතෙයි....හ්ම්ම්...
ඇස් වලට කඳුළු එනවා...

මහා බොළඳ කිරිල්ලියක්...
මටසිලුටු අත්තටු....
තාමත් මව් තුරුල්ලේ...
නිදැල්ලේ ඉගිලෙන්න නෑලූ තටු සැලෙන්නේ....

කොහොමද දුර ඉගිල්ලෙන්නේ....
මේ කිරිල්ලි මහා බරක් වේවි....
නුඹ එනවා නම්...
මව් සෙනේ පාර කියාවි....
නුඹ එනවා නම්....!