Saturday, August 18, 2012

නොදනිමි....!

සෙනෙ දැයි නොදනිමි
මතක පදරුත් සොයමි...
සිහිනයක් දැයි නොදනිමි
මතක කවිකම් ලියමි...

සුළඟ දැයි නොදනිමි..
සිහිලස දැනුණු බැව් පවසමි....
මිරිඟුවක් දැයි නොදනිමි
සොඳුරු සේයාවක් දෑස් අග මැවී ගිය බැව් කියමි....

අවසන දනිමි
සිහින මතක සුළඟ සැබෑවටම විඳි බැව් කියමි...
පසක් කර නුඹට කියමි...
සැබෑවක් වේදැයි නොදනිමි....



2 comments:

  1. මිරිඟුවක් නොම වී...
    කෙම් බිම්ක් වේවා...

    ReplyDelete
  2. රුදුරු වැලි කතරේ...කෙම් බිම් හිඟ වුව..
    දුටිමි..දකිමින් ඉමි...
    නිමක් නැති සිහින හමුවෙන තුරා...!

    ReplyDelete