Tuesday, October 2, 2012

නුඹ සිතට පෑමිනි දා සිට...!

වෙලාවක් ඒවි ජීවිතේ ඔබට හිතෙන නිහඬකම සුන්දරයි කියලා හිතෙන...
ඒ හිතිවිලි නැති නිසා නෙවේ....හිතේ තියන සිතිවිලි කියාගන්න සුදුසු වචන හරියට ගලපගන්න බෑ වගේ කියල දැනෙන නිසා...
එහෙමත් නැති නම්....එහෙම ගලපගෙන කිව්ව්ට අනික් අය තේරුම් ගනීවිද දන්නේ නැති නිසා...

එහෙව් මොහොතක ඔබට ඇහෙනවා ලස්සන ලස්සන පබැඳුමක්...
හරියටම ඔබේම හිත කියනවා වගේ...
ඔබේ හිත ගයනවා වගේ

මේ එහෙම ගීයක්..."කලර්" සිංහල චිත්‍රපටයෙන්.....!

*************************************
නුඹ සිතට පෑමිනි දා සිට
නෙතු දකිනු රිසි ඒ රුව
සිත තවම බලා හිදි
නුඹ අදත් පැමිණ නැතුවට

අරුණ ගෙවි ගොස් නැත
දැන් අදුර උදා වු වට
නුඹට හැකිය පෙර ලෙසම
යළි එළිය රෑගෙන එන්නට

සිත දකින නිතර ඒ රුව
නෙත කලක් නොදැක හිටියට
අද නැතත් හෙටත් මේ ලෙස
නුඹ නිසා බල හිදි මම....!



http://www.youtube.com/watch?v=JIqXvT-ZXNI&feature=share