Wednesday, December 7, 2011

ෆැන්ටසියකට....මගෙ හිතේ.....ප්‍රේමයක්.....!!


තව කෙනෙකුගේ හීනයක් මගෙ හීනයක් වෙන්න පුලුවන්ද?
එහෙව් හීනෙකට මගෙ හිතේ ප්‍රෙමයක්.....!!
" යථාර්තය නෙවේ ඔය......"
ඔබ කියාවි.....
"ඔය ෆැන්ටසියක්.....!
කාගෙ හරි හිතක මැවුන මායාවක් විතරයි."

ඒත් මගෙ හිතේ ප්‍රෙමය තවමත් එහෙම්මමයි.....

තව කෙනෙකුගේ හිතේ මැවුනු මායාවක් උනත්....
යථාර්තයට ගව් ගාණක් දුර උනත්...

මං ආදරේ කලා.....

මන්ද ඒ ෆැන්ටසිය කිව්වෙ මගෙ හිතේ හීනයක්...
යථාර්තයට....මගෙ දෑතට අහු වෙන්නැති උනත්
ලස්සනම ලස්සන හීනයක්....!!

Thursday, December 1, 2011

Heart is red....

Wind is white.....

dreams are red...yellow...green

no no it's multicolour.....!!

Life is silver...design of colours.....

You may say no..but it is.....

Close the eyes and see from your eyes...

Then you feel the Brightness....!!

Colourful life...!

හදවත රතුපාට.....

සුලග සුදු පාට......

සිහින...රතු සුදු කහ කොළ

නෑ නෑ පාට ගොඩක්......

ජීවිතය රිදී පාට..පාට පාට රටාවක්..

ඔබ කියාවි නෑ කියලා...

ඇස් ඇරලා බලන්න....ඔබේම ඇස් වලින්...

ඔබට පෙනේවි...ජීවිතේ දීප්තිය....

ඔව් ඇතටම ජීවිතේ...පාට පාට ජීවිතේ......!!

Saturday, November 26, 2011

සොයමි......!!

නිල් අහස දිහා බලා ගෙන....

මලක මල් පෙත්තක.....

තරු කැටයක....සෙව්වෙමි....මම..

කොහිද මම....මගෙ හිත......!!

සෙවීමි......

එහෙත් කොහිද...

තවම නොදන සොයමි

සොයමින් ඉමි.........!!

Friday, November 18, 2011

තරු නැතුවාට කම් නැත දිදුල සද නුඹමැ‍යි......!!


කියන්නට වදන් නැත....ඇත්තෙ මතකය පමණයි....
අතීතය එක්ක වැළලී ගිය....
නුඹ අතින්...නිමවී නුඹ අතින් මෙහෙයුනු....
ජයග්‍රහණය මතකයක් පමනයි...
හිමි නෑ අපට විරුවාණනේ.....!
යුක්තිය කොහිද?????
අහන්නේ කාගෙන්ද.... කියන්න පුලුවන් කාටද....
මහරජෙක් නොවී...දුප්පත් රණවිරුවෙක් වූ නිසා.
හඩක් නගන්න තාම හයියක් නෑ...
එහෙම පුලුවන් වුන දාක නගන්න හඩක් තියෙවිද....
නැගුවාට හඩක් නැගේවිද....
ඒ හඩ අහන්න නුඹ හිදීවිද....????
" සොබාදහම හමදේම බලාගනීවි..... " එහෙමවත් කියන්නම් නේද මම?
නොමිනිසුන් නැති දේශයක.....නිදහසේ හුස්ම ගන්නට...මතු භවයකවත් ලැබේවා නුඹට !

Thursday, November 17, 2011

ජීවිතේ දිගු වන්දනා ගමනේ...!!!!!

තරුයි හදයි විතරක් කලුවර රෑ අහසට තනි රකින මදියම් රෑ....දේවතා එලි වඩිනවලු කිරි වෙහෙර පාමුලට.....
කිරි වෙහෙරේ...සුදු බද දිහා බලා ගෙන ඒ සීතල ගල් පඩියක් මතට වෙලා.....
 නුඹෙ උරහිසට හිස තියන් බලා ඉන්න ආසයි මට.....මහා පිවිතුරු නිර්මල හිතකින්.....
වඩිනතුරා ඒ දෙවතා එලි........

උදේ පාන්දර හිමිදිරියේ....
සීතල පිනි කැට ඉහුනු රතු රොස මල් පොට්ටුවක් ලගට වෙලා....බලා ඉන්න ආසයි මට...
ඒ මල් පෙති ඇහැරෙනකන්.....
එතකොට මo කෑ ගහලා පෙන්නනවා නුඹට...ආදරේ පිපෙන හැටි ආදරේ ඇස් අරින හැටි....

කදුළු වල තෙතමනය.....
ආදරයේ උණුසුම....
දුප්පත්කමේ කටුකත්වය...
ජීවිතයේ ගැඹුරු බව....
ප්‍රේමයේ සිලිලාරය...
අනුරාගයේ පිවිතුරු බව....
දන් නෑ මo අත් විදලා නෑ මo
 ඒත් අහන්න ආසයි මo....විද ගන්න ආසයි නුඹ ලගට වෙලා....


ගොඩාක් දන්න ඔය...දෑස් වලින්....
සුහදාණනේ.....
සම්බුදු මලුවක පූජා වුණු....සුදු මල් වට්ටියක් වගේ....
ආසයි පූජා වෙන්න....ඔය පින්සාර හිතට..මෙත් මල් සුවදක් වගේ...
.එතෙක් බලා ඉන්නම් මම.....නුඹ එනතුරා.....
ඒ ආ දාට...නුඹ වේවි....මගෙ පින් බිම...මේ...ජීවිතේ දිගු වන්දනා ගමනේ...!!!!!


පින්වන්තයි නුඹ....!!

Numbered ListNumbered Listකදුලු කැටයක බර ඇහි පිල්ලමක් යට......

සෙමින් පිහ දා ගත්තා නුඹ.....

දන්නවද නුඹ පින්වන්තයි......

තමන් වෙනුවෙන් නොවී අනුන් වෙනුවෙන් අඩන්න කදුලු ඔය ඇස් වල.....

මහා බරක් දෑත් යුග මත.......

එත් අත අරිනවද නුඹ.......

දන්නවද නුඹ පින්කාරයි.........

තමන් වෙනුවෙන් නොවී අනුන් වෙනුවෙන් උහුලන්න බර..හයිය ඔය දෑත් වල.....

ඇරඹුම.....!!

ගොඩාක් කල් ඉදන් බලන් හිටපු වැඩක්....,කවිකාර හිතට Blog එකක් කරන එක.යාලුවො...නෑයො....හැමොගෙම ඉල්ලීමක්..අදහසක්...!!
තාම බ්ලොග්කරනයට අලුත්.ඉගෙන ගන්න හුගාක් තියෙනවා තව.දැනට මෙහෙම කවිකම් කරන්නම්...පසුවට දියුණු වෙන අරමුණින්...!!