Thursday, November 17, 2011

ජීවිතේ දිගු වන්දනා ගමනේ...!!!!!

තරුයි හදයි විතරක් කලුවර රෑ අහසට තනි රකින මදියම් රෑ....දේවතා එලි වඩිනවලු කිරි වෙහෙර පාමුලට.....
කිරි වෙහෙරේ...සුදු බද දිහා බලා ගෙන ඒ සීතල ගල් පඩියක් මතට වෙලා.....
 නුඹෙ උරහිසට හිස තියන් බලා ඉන්න ආසයි මට.....මහා පිවිතුරු නිර්මල හිතකින්.....
වඩිනතුරා ඒ දෙවතා එලි........

උදේ පාන්දර හිමිදිරියේ....
සීතල පිනි කැට ඉහුනු රතු රොස මල් පොට්ටුවක් ලගට වෙලා....බලා ඉන්න ආසයි මට...
ඒ මල් පෙති ඇහැරෙනකන්.....
එතකොට මo කෑ ගහලා පෙන්නනවා නුඹට...ආදරේ පිපෙන හැටි ආදරේ ඇස් අරින හැටි....

කදුළු වල තෙතමනය.....
ආදරයේ උණුසුම....
දුප්පත්කමේ කටුකත්වය...
ජීවිතයේ ගැඹුරු බව....
ප්‍රේමයේ සිලිලාරය...
අනුරාගයේ පිවිතුරු බව....
දන් නෑ මo අත් විදලා නෑ මo
 ඒත් අහන්න ආසයි මo....විද ගන්න ආසයි නුඹ ලගට වෙලා....


ගොඩාක් දන්න ඔය...දෑස් වලින්....
සුහදාණනේ.....
සම්බුදු මලුවක පූජා වුණු....සුදු මල් වට්ටියක් වගේ....
ආසයි පූජා වෙන්න....ඔය පින්සාර හිතට..මෙත් මල් සුවදක් වගේ...
.එතෙක් බලා ඉන්නම් මම.....නුඹ එනතුරා.....
ඒ ආ දාට...නුඹ වේවි....මගෙ පින් බිම...මේ...ජීවිතේ දිගු වන්දනා ගමනේ...!!!!!


No comments:

Post a Comment