Saturday, April 21, 2012

කවිකාරිට මහන්සීලූ....!!


හැමදාම වාගේම ප්‍රශ්නය හිත එක්ක....
මහන්සියක් දැනෙන්න අරන් කියලාත් හිතෙනවා හිතට....
හිනා අරන් හිනා දෙමින්....පරීස්සම අඩි තිය තියා යන ගමනේ මහන්සියක් වගේ දෙයක්....
එක හුස්මට..එක පිම්මේ දුවගෙන....යන්න...
හිතුමතේ පාව යන පින්න මලක් වෙලා සුලඟ එක්ක පාවෙලා යන්න...
ඒ වගේ විවෙකයක් අවැසි මහන්සියක්....
කවි හිතට මහන්සීලු....
කවිකාරිට තනියම හිනාවක්....
ඒ වුනාට ඔයා එහෙම කරන් නෑනේ...
කවිකාරී...ඔයා බයයි....
හිමිහිට අඩි තිය තියා යන්න පුරුදු වෙලා...
හිනා අරන් හිනා දෙන්න පුරුදු වෙලා...
ඔයා බයයි....
හයියෙන් දුවගෙන ගියොත්....
වැටෙයි කියලා...
පාවෙලා හිතුමතේ ගියොත්....හිනා දෙන්න හිනා ගන්න බැරි වේවි කියලා....
හ්ම්ම්.....
ඒ හින්දා දුවන්න යන්න එපා...
ඔහොම්ම හෙමිහිට යන්න.....
මහන්සි හිතුනම ටිකක් නවතින්න.....
දවසක ඒ විවේකය ඔයාව හොයා ගෙන එනකම්.....!!

2 comments:

  1. Wow.....diz is real u........jst felt smthng is there.......විවේකය ලඟට එන එකක් නෑ කවිකරි කවදවත්....හයියෙන් දුවන්න අත්ම ව්ශ්වාසය අපු වෙලවට, වැටෙන එකක් නෑ එතකොට....හිනා දෙන්නත් පුලුවන් වෙයි..........

    ReplyDelete
    Replies
    1. ස්තූත්යි bukz හ්ම්ම්ම් එහෙම තමයි කරන්න වෙන්නේ.....ආත්ම විශ්වාසය....ඒ එක්කම මීට වඩා කැප කිරීම් කරන්න හයියක් ආපු දවසක එහෙම වෙයි...!!

      Delete