Monday, September 3, 2012

තරුවකින් පාර අසාගෙන....!

ජීවිතේ කියන්නේ අරුමයක්...ඒක කවිකාරිගේ සුපුරුදු ප්‍රියතම වදන් පෙළ නේ...
ඒ වුනට් හැමදාම හැම මොහොතකම අරුම ගෙනෙන මේ ජීව්තේ නම් වෙලාවකට දරා ගන්නේ කොහොමද කියලත් කවිකාරිට සිතුණා...

අපි මිනිස්සු නේ.....
ඒ කියන්නේ "මන උස්" කියන එකළු.හ්ම්ම්ම්ම්
එහෙව් මන උස් වෙච්ච සත්තු ජාතියක් වෙච්ච නිසා.....ජීව්තේ ඇදගෙන යන්න මොනතරම් නම් දේවල් අපි නිර්මාණය කරගෙන තියෙනවද....
එහෙව් නිර්මාණ අතරේ තැලෙන්නේ පොඩි වෙන්නේ නැතිව ජීවිත ගමන යන එක සත්තමයි....නුඹ මම බොහොම දස්සයෝ වෙන්න ඕනා...

ජීවිතේ හරි පරිස්සමෙන් බොහොම කල්පනාවෙන් අඩි තිය තියා යන ගමනෙදි විශ්වාස ඇදහිලි කියන මාතෘකාව ගාව කවිකාරිත් හිරවුණා ජීවිතේ....
ඒක නිකන් හරියට වැටෙන්න බය නිසා නෙවේ...වැටුනොත් රිදෙනවා කියලා දන්න නිසා හෙමි හෙමින් අඩි තිය තිය ගිය කෙනෙක් අඳුරේ හිර වුනා වගේ...
දැන් පැටලෙව්වා ඇති නේද....කෙලින්ම මාතෘකාවට බහිමු...

"කේන්දරේ.....නක්ෂත්‍රය"

මේ ඇදහිල්ල විශ්වාසය කරළියට එන්නේ ගොඩක් වෙලාවට විවාහය කියන මාතෘකාවෙදි නේ....
එහෙමත් නැති නම් මිනිස්සු තමන්ට කරදරයක් වෙච්ච වෙලාවට පිහිට පතන ක්‍රමයක්.එක්තරා විදියකට හිත හදා ගන්න කරන දෙයක් ද මන්දා...
මේ සිතිවිලි අස්සේ කවිකාරි හිර වුනා....
මොකද පවුලෙන් එන ශිල්පයක් විදිහට ඒ ගැන යම් තාක් දුරකට හදාරන්න කවිකාරිටත් ඉඩක් ලැබුණු නිසා....
සමහර දෙවල් නම් අරුමැසි තමයි...
දන්න කියන අයගේ කේන්දර අරන් දන්න කියන ගති ගුණ එක්ක බලනකොට...
"කොහෙන්ද මේක පටන් ගත්තේ තාත්තේ...??" කවිකාරි පැනයක් නැගුවා.

"කාලාන්තරයක් තිස්සේ මිනිස්සු අධ්‍යනය කරලා මනුස්ස ගතිගුණ එක්ක සසදලා නිර්මාණය කරපු දේවල් තමයි....
එල්ලිලා ඒ පස්සේ යන්න නෙවෙයි තියෙන්නේ....යන ගමනට එළියක් ගන්න..."
තාත්තා එහෙම කිව්වා.

සෙනෙහස කියන හැඟීම හිතට එන්නේ....ජීවිතේට ගොඩ වදින්නේ නැකත් බලලා කේන්දර බලලා නොවේ නේ...
මම දන්නෑ තමයි....
පොරොන්දම් ගැලපෙන්නෑළු.

මොකක්ද ඇත්ත....??
ඉගෙන ගන්න..යමක් කමක් තෙරෙන කෙනෙක් හැටියට හිත පැටලුණා....
තාරකාව මට හරි පාර කියා දෙනකම් මම බලාගෙන ඉන්න ඕනාද....
නැතිනම් මගේ ජීවිතේ පාර හදා ගන්න ඕනා මම ද...??
හිත ලෙඩ වෙලා....

අන්තිමට...

"තනි තරුවේ....ඔබත් ඔතන ඔහොම ඉන්න...
මමත් මෙතන මෙහෙම ඉන්නවා කියලා...."

සමුගෙන යමුද....

මෙහෙන් මයෙ අප්පච්චී...එහෙන් නුඹේ අම්මා....
දරුදුක එක්ක සෙනෙහස අහසේ තරු අතර හිර වෙලා...
මම නිසා නුඹට විපත්ලු....නුඹ නිසා මට විපත්ලු...
සෙනෙහෙ විතරක් ඇද්ද නුඹට මට දරු පල නෑලු....
හිනාවෙන්නද අඬන්නද දන්නැති ඇස් අන්තිමට උපහාසෙන් හිනා වුනා....

කොහේ යන්නද කියලා හිතා ගන්න බැරුව අන්තිමට සෙනෙහෙ හිස් ආකාසෙ තරු වලට බාර කලා...
තරු කොහේ කොහොම අරන් යයිද මන්දා....
එහෙව් ගමනෙදි ඉතින් ආයේ හමුවෙයිද නැද්ද කියලා අහන්නෙ නෑ මම නම් ආයේ...!

හැබැයි යමක් කමක් දන්න කියන හිත මෙහෙම කියනවා...

"මිනිස්සු තමන්ගේ අනාගතය ගැන මොන විද්‍යාවකින්වත් දැන නොගන්නවා නම් හොඳයි...
මොකද එතකොට එන හැම ප්‍රශ්නෙකටම...හැම දේකටම මූණ දෙන එහෙම මූණ දීලම ජීවිතේ තේරුම් ගන්න පුළුවන් වෙන නිසා....!"

දැන් දන්නව මම...

"වැටෙන්නැතුව යන්න අමාරුයි...
ලස්සනම දේ මොනවම හරි වෙලා වැටුනොත්..ආයෙමත් නැගිටලා ඉස්සර වගේම යන්න කකුල ඉස්සර කරගන්න පුලුවන් කමක් තියෙන එක...."

තාරකාව ඔබම මට කියා දෙන්න ඕනා..දවසක....

හොඳ මිනිස්සුන්ට වරදින්නෑ කියලා
ඒ දවස එනකම්....මග බලගෙන ඉන්නවා මම....!


i choose my way

දුක පිපුණු නිම්නයේ හීන මල් පොට්ටු අද...
හිනා මල් ගොඩක් වී බලා ඉමු පිපෙයි හෙට...
දුක හිතුණ ඇස් වලින් අද ගැලුව කඳුළු කැට...
ගෙන ඒවි සිහිලසක්..හුඟක් හොඳ පපුවකට....

කඳුළු කැට සුසුම වැල් සිනාවයි ජීවිතේ...
දුක තියා ඇවිද යමු සිනා නිම්නය දිගේ....!

No comments:

Post a Comment