Wednesday, September 5, 2012

නොකිව් කවි...!



නෙතු කෙවෙණි යට උණු කඳුළු එක්කාසු වෙලා...
උල්පතක් වගේ රැස්පොදි කනකොට...
තද කරලා ඇස් වහා ගන්නම්ද මම....
එතකොට දෑස් අග්ගිස්සෙන්
උණු කඳුළු ගලාගෙන යයි....

අඬන්නෙ මොකටද...??
මන් ගාව කඳුළු තියෙන හින්දා....
පපුවට දැනුණු දේ වෙනුවෙන් ගලාගෙන යන්නෙ නැති ඒ කඳුළු මොකටද....

මුවඟින් පිට කරගන්න බැරි වුණු වචන කඳුළු වෙලා ගලා ගියාදෙන්....
කැතවෙයි ඔයා...
කැත වුණාවේ....

හිතේ හයියක් නැති...
මෙලෝ හසරක් තේරෙන්නැති දේකට ලස්සනක් මොකටද....

නින්ද එන්නැතුවම තද කරලා වහ ගන්න ඇස් ආයෙමත් උදේ පාන්දරට අරිනකොට
තෙත් වෙලා දිය වෙලා වැක්කෙරෙයි...
මේ මොන අරුමයක්ද.....

තාම නොවැටහෙන කඳුලැල්ලේ කතාව....
නොකිව් වදන් කවි කරලා පපුවට තද කරන් නුඹ යනතුරු බලාගෙන ඉන්නද මම....
එහෙම නැති නම්....
මුලු ලොවම නතර වුනාවේ....
කෑ ගහලා කියන්නද මම....

කඳුළු පොඩ්ඩක් නතර වෙලා කියාදෙනවාද මට...
සෙනෙහෙ සිත අතරමන් වෙලා....!







No comments:

Post a Comment