Tuesday, September 11, 2012

සද නැති නම් අහසේ ගණදුර දුරු වේද..!

2010 ඔක්තෝබර් 27 මූණු පොතේ පළ කරපු සටහනක් තමයි මේ කවිකාරිට දෙන්න යන්නේ...
එදා ජීවිතේ හමුවුණු සෙනෙහෙබර මිතුරු හිත් වෙනුවෙන් දරාගන්න බැරි සෙනෙහසින් තමයි මේක අකුරු වුණේ..
අද කාලය ගත වෙලා...මිතුරුකම එක්කම ඉටත් එහා ගිය නමක් දෙන්න බැරි බැඳිමක් වෙනුවෙන් අද මේ පද පෙළ අවකාශෙට එක්කාසු වේවි...
සත්තයි...එක දවසක් ඒවි ජීවිතේ ගන්නෙ නැතුව දෙන්න තරමට හිත පරිත්‍යාගශීලීවෙන..
ඒක ගැළපෙන නමක් ඔයාලම යෝජනා කරන්න...
දැන් කා එක්කවත් සටනක් නෑ...
හිනා වෙවී..
හඬ හඬා.... කියන්නම්....
"ජීවිතේ සුන්දරයි නුඹ නිසා...."
ඉඳින් පොඩ්ඩක් හිනා වෙන්න දකින්න ආසයි සැනසෙන්න...!


සoසාර උරුවට වෙන්නැති....හමුවුනේ මෙලෙස අප...
සිනා මල් සෙනේ මල් ඔබ ගෙනා මගෙ ලොවට....
අඩන්නට උරහිස දුන්නේ නුඹ....
"ජීවිතේ සොදුරු ගීයක්මැයි".....කදුළු පිසලුවේ ඔබ....
තව ගොඩක් දුර යන්න තියෙනවා....
සදාකල් ළග ඉන්න...ඔය හයිය දෙන්න මට....
සිනා මල් පිපෙයි...කදුළු මිටියාවතට..
යන්න එන්න ජීවිතේ.....
හරි සතුටක් සැනසීමක්
නුඹ... නුඹේ ලෙන්ගතුකම...ආදරය
මහමෙරක් තරම් වටිනවා මට!!!!




සද නැති නම් අහසේ ගණදුර දුරු වේද..

මල් නැති නම් තුරුහිස මෙතරම් හැඩ වේද..

ගo දිය නැති නම් ගoගාවක් බිහිවේද..

නුඹ නැති නම් මගෙ ලොව අද සුන්දර වේද

No comments:

Post a Comment