Tuesday, September 11, 2012

නිහඬව බලාගෙන ඉන්න...!

ජීවිතේ කියන්නේ නිහඬව බලාගෙන ඉන්න එක කියලා...
මහ හුඟක් කියෝපු කෙනෙක් දවසක කියාවි...
ඒක හරි සැනසීමක්...
හැමදේම අත්තිවාරම් බැඳ බැඳ ගොඩනගන්න බැරි වෙයි...
පොඩි එකෙක් වගේ චුට්ටක් හිනා වෙන්න...
ඒ කියන්නේ...
අහුවෙන වෙන වෙන දේ....පොඩි කරලා විසික් කරලා දානවා කියන එක නෙවේයි...
ලොකු දේවල් වලින් හෙම්බත් වෙච්ච හිත් පොඩියට හීන් සැනසීමක් දෙනවා කියන එක
පොඩි එකෙක් වගේ හිනා වෙලා...
පොඩි එකෙක් වගේ අඬලා...
හෙට දවස දිහා බලාගෙන ඉමු...
අළුත් ඉරක් පායගෙන ඒවි...!

No comments:

Post a Comment