Tuesday, July 31, 2012

ලස්සනම කවිය

කවි ලියන්න හිත කිව්වා....
කවි කොහේද නුඹ ඇහුවා....
මතක පොතේ පිටු පෙරළා....
කවි ලියන්න ඉඩ හෙව්වා....

මිහිරි මතක හැමදාමත් හිනා ගෙනා හිත් අහසට....
එදා හිනා මතක් වෙලා අද දුකයිද නුඹේ සිතට....
වෙනස් වෙනා මේ දියතේ...වෙනස නොවෙන දෙයක් ඇත්ද....
හිනා වෙලා බලා ඉන්න...වෙනස ගෙනෙයි සිතට මතක....

මතක පොතේ එක පිටුවක නුඹ ඉන්නවා හිනා වෙලා...
තව පිටුවක් පුරා කඳුළු මට ඇඬේවි මතක් වෙලා...
හෙට දවසේ මගෙ මතක පොතේ පිටු පුරාම...
හිනා වෙවී නුඹ ඉඳීද....හැමදාමත් එක වගේම...

කවි මතකේ එක පිටුවක් නුඹ වෙනුවෙන් වෙන්කරන්න...
කාලය දැන් හරිද කියල නුඹ ඇවිදින් කියා දෙන්න...
මගේ මතක කවි අතරෙ...ලියවුනු ලස්සනම කවිය...
එහෙනම් හෙමිහිට ඇවිදින්..ලඟින් ඉඳන් හිනා වෙන්න....!





***********************
ලස්සනම කවිය මේ වචන ටික දකීවි....
කියවාවි...තේරුම් ගනීවි....
ලඟින් ඉඳන් හිනා වෙන්න පෙරුම් පුරපු කවියක් නේ....
එහෙනම් ඒවි....!

2 comments:

  1. ගොඩාක්ම ආදරණීය කෙනෙක්ට ලියැවුනු කවියක් වගේ..
    ඒ කවිය හරිම ආදරණීයයි... ඒ කෙනා ඉක්මනටම කවිය ලියන්න ඒවි කවිකාරී.. ;)

    ReplyDelete
  2. ස්තූතියි Red Riding Hood :))
    ආදරණීය කෙනෙක්ට තමයි ලියවුනේ....එයා මේක දැක්කොත් දිනුම්. හී හී :DD

    ReplyDelete