Sunday, July 1, 2012

හිනැහෙන්නේ හිත හීනෙන්දෝ (3)

හිනැහෙන්න ම0 සෙවූ ඈට හිතුවාටටත් වඩා ප්‍රතිචාර ලැබිනි.ඔහු විත් ඇගේ ජීවිතය වෙනස් කරාවිදැයි ඔබ මගෙන් ඇසූහ.පොත් පිටු පුරා කතා කොයිතරම් නම් ලිව්වද...
නර්මදා..මළිඳු හා අනුහස් මා ඔබට දුන් පළමු තිළියයි.ඉඳින් මේසේ ඔවුන්ගේ ජීවිතය ලියා නිමකරන්නට අවසරයි.

ඔබේ සෙනෙහසට....මහා හුඟාක් ආදරේ වග කියමි.යළිද එමි.ඔබද මා හා එන වග දනිමි.


****හිනැහෙන්නේ හිත හීනෙන්දෝ****
අවසාන දිගහැරුම

"ඔයා ඉන්නේ පැටලිලා නේද....?...මම දැනගෙන හිටිය ඔයා මම කියපු දේ තේරුම් ගනීවි කියලා...." ඔහු කීවේ මූද දෙසට නෙතු යොමු කරමිනි.මම මොහොතක් ඔහු දෙස බලා හුන්නෙමි.
අනුහස් දීප බණ්ඩාර......ඔබ මගේ ජීවිතයට විත් ඇති කල ගැටලුව දැන් ඔබම ලිහාදිය යුතුය.

"අනුහස් අය්යේ....,මට කියන්න මොකක්ද මේ කියලා.....?
ඒත් ඒ කීවේ මම ගැන නම්....ඔයා..ඔයා කොහොමද ඒ දේවල් දන්නේ....?"

මගේ බිඳෙන වදන් එදා මෙන් වූයේ නැත.එනම්දු....ඕනෑවටට් වඩා හැඟුම්බර විය.ඔහු හෙලූ සුසුම් හඬ මට ඇසිණි.

"ඒක දිග කතාවක් නර්මදා....," ඔහු මවෙතට හැරුනේය.
"හරියටම කියනවා නම් අවුරුදු 10 ක් දිගයි...."


ඉහලට ගත් හුස්ම පහල හෙලන්නට අමතක වූ සෙයක් මට දැනිණි.

"කමක් නෑ කියන්න....ඒක කොයිතරම් දිග උනත් අහගෙන ඉන්නම් මම..."

ඔහු හිනැහුනේය.සත්තටම අඬන්නට බැරිකමට හිනැහුනා සේ මට දැනිණි.

මේ කතාව ඉවර වෙනතුරුම අසන්නට මට ඕනෑය.හිතට දැනෙන මේ අමුත්ත වටහා ගන්නට අවැසිය.මම ඈත පෙනෙන උණ ගස් සෙවණක් පෙන්වීමි.
"අර අතනට යමු..."

ඔහු නිහඬව මා හා ආවේය.අපි වැලිතලාව මත ඇණ තියා ගතිමු.නිහඬ බව මොහොතකට රැඳුණි.ඔහු සූදානම් වන තෙක් මම බල හුන්නෙමි.ඒ හිතේ මහා කැළඹිල්ලක්.....මට දැනේ....!

"මම කියන්නම්...ඒත් ඔයා හිතට එකඟව අහන්න..." ඔහු මිමිණුවේය.

මම ඒ මුහුණ දෙස බැලීමි.ඔහු යළි තෙත නෙතු සඟවනු වස් දෝ මුහුද දෙසට නෙත් යොමු කලේය.
මගේ ළය රිදුනේය.
මේ අමුතු කොල්ලා දෙවියනි ඔබ කොහේ සිට එව්වේද....!

"1998 අවුරුද්ද..ඒ අවුරුද්දේ තමයි මම A/L කළේ.කොහොමහරි හොඳට A/L කරලා ඉ0ජිනියර් කෙනෙක් වෙන හීනේ මගෙ හිතේ ලොකුවටම තිබුණා.ඒ වගෙම මගෙ අඹ යාළුවාටත්. ඔහු කතාව නවතා බලා හුන්නේය.

"අපි දෙන්නා class ගියේ එකට...පාඩම් කලේ හැමදේම එකට.කන්න බොන්න උනත් අපිට ගෙවල් දෙකේ වෙනසක් තිබ්බේ නෑ.කොටින්ම අපි අතර ඒ තරම් ලඟ බැඳීමක් තිබ්බේ."

ඔහු හයියෙන් හුස්මක් ගත්තේය.

"දවසක් ඌ මාව හොයාගෙන ආවා එයාගෙ නැන්දගෙ දුවගෙ වෙඩින් එකට යන්න.විශේෂ අව්ස්ථාවක් වුනොත් මාව මතක් වෙන ගතියක් තිබ්බා ඌට.
එදා ඒ වෙඩින් එකට ගියහම......" ඔහු යළි නැවතුවේය.

"මම දැක්කා පු0චි සුර0ගනාවියක්.ලස්සන සුදු පාට සල්වාර් එකක් ඇඳලා රතු පාට ශෝල් එකක් දාලා උන්නු සුර0ගනාවියක්.ඕන්නම් එතකොට එයාට අවුරුදු 18 ක් විතර වෙන්න ඇති.

එයා තමයි තව කෙල්ලක් එක්ක වෙඩින් කෙක් සර්ව් කලේ....
මගේ අඹයාට මා එක්ක ගියාට මා එක්ක ඉන්නවට වඩා එහෙ මෙහෙ දුවන්න උනා.මම පැත්තකට වෙලා දවසම අර සුර0ගනාවි දිහා බලාන උන්නා...."



"ඒ කෙල්ල පෙනුමින් වගේම හිතෙනුත් සුර0ගනාවියක් කියලා මට තේරුම් ගියා." ඔහු සිහිනයෙන් වගේ කියාගෙන ගියේය.

"කෙල්ල එයාගෙ තාත්තට බොන්න දුන්නෙම නෑ.

එතකොට අම්මගෙන් බත් පාර්සලයක් ඉල්ලන හැටි මම අහගෙන හිටියා.ඒ කාටද දන්නවද....එහා පැත්තේ ගෙදර උන්නු බඩ දරු අම්මටයි දරුවො දෙන්නටයි.

"ඕ වගේ එදා මගෙ මුලු දවසම මම දැක්කේ එයාව විතරයි.අන්තිමට කන්න පවා මතක් උනේ යාලුවා ඇවිල්ලා මාව ඇදගෙන ගියාමයි.
"මම වෙඩින් එක ඉවර වෙලා ආයේ ගෙදර ආවේ මම එහෙ ගිය විදියටම නෙවේ...." ඔහු මිමිණුවේය.

"මම පරිස්සමට තියා ගත්තු මගේ හිත නැති කරගෙන....."

මගේ ජීවිතේ මම ගොඩාක් ගෑනු මයි දැනගෙන හිටියා.ඒත් මට එහෙම දැනිලා තිබුනේ නෑ.ඒ කාවවත් එයාව වගේ හීනෙන් පෙනුණේ නෑ.රීට පස්සේ දවස් ගානක්ම මට එයාව බස් එකේදි මුණගැහුනා.දැකලා හුරු නිසා වෙන්න ඇති යන්තමට මා එක්ක හිනා උනා..." ඔහු කියාගෙන ගියේය.


"මේ හැමදේම මම මගේ අඹයට හැ0ඟුවා.මම එහෙම කලේ මට දැනෙන දේ මම හරියටම තහවුරු කර ගන්නකම්.දවසක් මම උගේ ගෙදර ගියේ මේ හැමදේම ඌට මුල ඉඳලා කියන්න හිතාගෙන..."

"මම එහෙ යනකොට මිදුලේ වාහනයක් නවත්වලා තිබුනා.මාව දැක්ක ගමන් ඌ මාව ඇදගෙන ගේ ඇතුලට ගියා.

"වරෙන් වරෙන්...උඹව මතක් උනා විතරයි මට.මට පෙන්නන්න දෙයක් තියෙනව උඹට."

මගේ යාලුවගෙ ඇඟ පුරාම දුවපු සතුට මට දැනුණා.මාව කොරිඩෝව දිගේ සාලයේ දොර ලඟට ඇදන් ගිය යාලුවා මට අත දික්කරලා කෙනෙක්ව පෙන්නුවා.මට පිටුපාල ඉඳගෙන ඉඳපු නිසා මම හරියට දැක්කේ නෑ.

""සොරි මච0.., ම0 ම0 උඹට කලින් නොකිව්වට.ඒ ඒ තමයි මගෙ හිත නතර වුනු තැන."

ඌ කිව්වේ වරදක් කල පොඩි එකෙක් වගේ.ම්0 ඒ කොණ්ඩෙන් ඇද්දා.ඌට බොරුවට බැන්නා.මට වගේම ඌටත් ආදරයක් දැනිලා කියල මට හිතුනා..." අනුහස් නෙත් පිසදා ගත්තේය.

"ඒත් ඊලඟට උනේ නොසිතපු දෙයක්..." ඒ කෙල්ල හදිස්සියේම හැරුණා.මගෙ යාලුවාව දැකපු ගමන් සතුටින් අත වැනුවා.ඒත් මගේ කකුල් පණ නැති උනා.පපුව රිදුණා."

ඒ වෙන කවුරුත් නෙවේ..අර මගෙ හීන වල ඉඳපු සුර0ගනාවි...! " ඒ වදන් මට ඇසුනේ සිහිනයෙන් වාගේය.ඉඳින් දෑස් ඉරාගෙන කඳුලු කැට ගලා හැලෙන්නට විය.


"මගේ අඹයා මේ මොකවත් දැනාගෙන උන්නේ නෑ.ඌ ඒ කෙල්ලට හුඟාක් කැමති වෙලා හිටියේ.ඒ දෙන්නා පු0චි කාලේ ඉඳන් දැනගෙන ඉඳලා තිබ්බා...
ඉතින් මම beach එක පුරා දවස් ගණන් ඇවිදලා හිත තුනී කර ගත්තා.මගෙ පණ වගේ යාලුවා වෙනුවෙන්...උගේ සතුට වෙනුවෙන්....!"

"ඊට පස්සේ ඒ අහි0සකයා මට කරන්නම අමාරු වැඩක් කරන්න මට බල කලා.ඒ හිතේ තිබ්බ ආදරේ අකුරු කරන්න වචන ඉල්ලුවේ ඌ මගෙන්...ඊට පස්සේ එයාගෙ ආදරේ වෙනුවෙන් ලියවුණු හැම අකුරක්ම...කවියක්ම...ලියුමක්ම ලියවුනේ මගේ අතින්..." ඔහු සුසුමක් හෙලුවේය.

"ඒ හැම එකකම මගෙ හිත තියෙන්න ඇති..සමහරවිට..."

"අන්තිමට පු0චි සුර0ගනාවි මගේ අඹයට අයිති වුනා.ඒ අවුරුද්දෙමයි අපි A/L කලේ.

මගෙ හිත හදා ගන්න බැරිතරමට ලෙඩ වෙලා තිබුනේ.අන්තිමට මම කැම්පස් යන්න points ගාණක් මදි කර ගත්තා.මගෙ අඹයා කැම්පස් ගියා.මට බැන්නා.ඇඬුවේ මම නෙවේ..ඌ.මගෙ හිත හැදුවා.

ටික කාලයක් මම එහෙමම උන්නා.මම කවදාවත් ඒ කෙල්ලට පේන්න ගියේ නෑ.අන්තිමට මම තීරණය කලා තාත්තගෙ කීම අහලා England යන්න.මම එහෙ university එකකට ගියා.මගෙ හිත හදා ගන්න ඕනා උනා මට.


ඔහු කතාව නැවැත් වීය.

"ජීවිතේ සමහර දේවල් අපි ස0සාරේ පුරා අරගෙන එන දේවල් වෙන්න ඇති.මම හිත හදාගෙන එහෙ හොඳට හිටියත් හිතේ කොනක පු0චි තැලමක් තිබ්බා.එහෙදි මට ල0කාවේ වගේම එහේ girls ලත් ගොඩාක් මුණගැහුණා.ඒත් මට තේරුම් ගියා වෙච්ච දෛවයේ සරදම නිසා මම වෙන කාටවත්ම ආදරය නොකරන බව.




අවුරුදු 5ක් ම එහේ studies කරලා තවත් අවුරුදු ගාණක් මම එහෙම හිටියා.මට ගෙදර අය මතක් උනත් මට ආයේ එන්න හිතුනෙම නෑ.ඒ මුලු කාලෙම මගෙ යාලුව මට call කලා.ලියුම් එව්වා.ඌව මතක් වෙලා මම අඬලත් තියෙන්වා.

"දවසක් මට කෝල් කලාම ඌ මහා අමුතු කතා ගොඩාක් කිව්වා.පස්සේ දවසක දිග ලියුමක් ලැබුනා මට එයාගෙන්.ඒ ලියුම කියෝලා ඉවසගෙන ඉන්න මට පුල්වන් කමක් තිබ්බේ නෑ නර්මදා,...මගේ අඹයා මගේ ගෙදර ගිය දවසක මගේ පරණ ඩයරිය හොයාගෙන කියෝලා තිබුණා.ඒකේ ලියවෙච්ච හැමදෙයක්ම මගේ මුලු කතාවම ඌ දැනගෙන තිබුනා.

ම0 ආදරේ එයාට විතරයි කියලා එයා දැනගෙන තිබුනා.බැනල තිබුනා ඌ මහා කැත විදියට මට.ඒ තරහින් නෙවේ වේදනාවෙන්.ඒ ආදරේ පොඩ්ඩක්වත් වටින් නෑ කියලා තිබ්බා මගේ ආදරේ ලඟදි.කොල්ලගෙ කඳුලු පවා ඒ කොලේ තිබ්බා.

එදා රෑ ම0 ඌට call කලා.ඌ මට කිව්වේ ල0කාවට වරෙන් කියලා විතරයි.මම සුමානයක්ම කල්පනා කලා.ල0කාවට එන්න තීරණය කලේ මම ඊට පස්සේ.
ම්0 එන්න කලින් දවසේ call එකක් ආවා.මගෙ ජීවිතේ මම ලබපු ලොකුම shock එක." අනුහස් හිස දෙදණ මත ගසා ගත්තේය.

"අම්මා එන්න කිව්වා මට ඉක්මනට ල0කාවට..මගෙ අඹයා....ඌ මැරිලා ඉන්න හැටි බලන්න." ඔහුගේ උරහිස් සෙලවෙන්නට විය.මම බොඳව ගිය නෙතු තුලින් දුටිමි.

"ඌට cancer එකක් තිබිලා තිබුනා.ඒත් මම දුක් වෙයි කියලා කවදාවත් ඒක මට කිව්වේ නෑ.අන්තිමට මට එන්න කියලා සදහටම යන්න ගිහින් තිබුනා."

අනුහස් සිය රතු වූ මුහුණ මවෙතට හැරවීය.

මම ඇස් කැපි කැපී ගලන කඳුලු වලට ඔහේ යන්නට ඉඩලීමි.

"ඉතින් අන්තිම ටිකත් අහන්න න0ගියෝ...." ඔහු මිමිණීය.

"ඒ කොල්ලා තමයි...මළිඳු...
එතකොට ඒ කෙල්ල තමයි...ඔයා....! "


මට ඉකිගැසිණි.මම මුහුණ වසාගෙන ඉකිලමින් හැඩුවෙමි.සාය කඳුලින් පෙඟෙන තුරු හැඬුවෙමි.පපුව පිහියකින් ඉරා දැම්මා සේ වේදනා දැනිණි.අඬා ගන්නට පණ නැතිව මා වෙව්ලන කල ඔහු මා අල්වා ගත්තේය.මම ඒ උර තලයට බර දී වෙව්ලන්නට වීමි.

"මට සමා වෙන්න න0ගි..ම0 මේ කල දේට..ඔයාට දරා ගන්න බැරි දුකක් දුන්නේ මම..ඒත් මම මේ හැමදේම කලේ මළිඳුගේ අන්තිම ඉල්ලීම නිසා.එයා නැති වෙන්න ඉස්සර ලියලා ගිහින් තිබුනා මට.එයා ඉල්ලලා තිබුනා මට ඔයාව හොඳට බලා ගන්න කියලා...."

මම යළිත් හැඬුවෙමි.මළිඳු අයියාවද සිහිවිනි.මා අබියස ඉන්නා ඔහුගේ පණසරි මිතුරා ඊටත් වඩා මා සිත පෑරීය.අවසන ඒ පපුවට වැටී මම හැඬුවෙමි.

ඔහු අපව ගෙදර ඇරලා ආපසු ගියේය.මම රතු වූ මුහුණ ගෙදරට සඟවාගෙන කාමරයට වැදුනෙමි.මේ සියල්ල මධූ දැන උන්නාය.මගේ හැසිරීමත් අමුතු කතාවත් පසුපස ඈද සැඟව ඉඳ තිබිනි.අවසන මධූත් මමත් එකට වැටී හැඬුවෙමු.මම දින ගණනක් පුරාම කල්පනා කලෙමි.යථාර්තයට මුහුන දිය යුතුය.

මම තනිව අනුහස් සොයා ගියෙමි.ඒ මුහුදු වෙරළේම අපි යළි හමුවිමු.ඔහු මදෙස බලා උන්නේය.ඒ ඇස් පිළිතුරක් ඉල්ලුවේය.

"ඔයා කැමති තීරණයක් ගන්න නර්මදා.....ම0 ඒ ඕනාම දේකට එකඟයි" ඔහු ස්ථීර හඬින් කීය.මම ඒ මුහුණ දෙස බලා උන්නෙමි.

"ම0...ම0 කැමතියි ඔයාව බඳින්න..." ඔහු තිගැස්සුණේය.මගෙ වදන් අභිමුව ගල් ගැසී බලා උන්නේය.

"බය වෙන්න එපා.මම ගොඩාක් හිතුවා.මළිඳු අයියා මාව ගොඩාක් හොඳට බලා ගත්තා.අපි අතර ලොකු යාලු කමක්..විවෘතකමක් තිබ්බා.ඇත්තටම ඒක ආදරේට වඩා වෙනස්.එයාට cancer එකක් කියලා දැනගත්තම එයා මාව බඳින්න බෑ කිව්වා.මට හිත හදා ගන්න අවුරුදු 5 කින් වත් බැරි වුනා....
"ඒත්..ඒත් අයියේ....එයා ගොඩාක් හොඳ කෙනෙක්...හොඳ මනුස්සයෙක්...! මම කඳුලු පිස දා ගතිමි.

"ම0 එයාට කැමති වුනේ ඒ අදහස් වලට.ඒ සිතිවිලි වලට.ඒ හැම ලියුමකම..කවියකම ඒ දේ තිබ්බා.ඒත්..ඒත්...ම0 ඒ කැමතියි වුනේ ..ආදරේ කරලා තියෙන්නේ.....එයාගෙ අදහස් වලට නෙවේ නේද....ඔයාගේ අදහස් වලට නේද....! මම යළි හඬා වැටුනෙමි.ඔහු මහිස අත ගෑවේය.



"නර්මදා..."

"අනේ එතකොට ම0 ආදරේ කරලා තියෙන්නේ ඔයාටද අයියේ....??" මම ඉකිලීමි.

"සමාවෙන්න මට.." ඔහු මිමිණීය..."ජීවිතේ ඒ හැමදේම ඉවරයි.දැන් ආපහු පටන් ගන්න වෙනවා ජීවිතේ

"ඔයා ඒ දේ කරන්න ඕනා...මම එන්නම් ඔයා ලඟින්ම ඒ ගමන යන්න තනියට මගෙ අඹයා වෙනුවෙන්...." මම හිස ඔසවා ඔහු දෙස බැලීමි.

"ඒ වගේම මගේ...ප්‍රථම සහ අවසාන ආදරය වෙනුවෙන්....!"


මම ඒ ළය මඬල මත හිස හොව ගතිමි.ඒ ළය ආදරයෙන් ගැහෙන හඬ මට දැනුනි.

අනුහස් දීප...ඔහු මා දෑත සවි කොට අල්වා ගත්තේය.අපි ඉදිරියට පියනැගීමු.හීන් කුඩු පොද වැස්සක් වැටිනි.

මට දැනුනේය.

මළිඳු අයියේ...ඔබේ සුවඳ දැනුනි.ඒ අපේ ආදරණීය හිතවතාගේ.....ආශිර්වාදයේ මල් වරුසා වන්නට ඇත....!




****සමුගන්න අවසරයි*****


කඳුළු පිරුණු ඇස් වලින්....හීන් හිනා අරගෙන...
ඉතින් හිනා වෙන්නම් මම...

සත්තයි....හිතට හීනයක් වගේ....

කුඩු පොද ඇවිත්....මුළු ‍යායම පණ ගැහේවි....
ඒ වුනාට...අමතක වේවිද මට නුඹව....එතෙක් දිය දුන් දිය කඳුර...

සත්තයි ඇස් දෙක වගේ මට...
සෙනෙහේ වන්දනාවේ....ඔය සිව් නෙතම මට.....!














2 comments:

  1. වෙනස්ම කතාවක්.. ලස්සනයි.. ම්ම්ම්ම්..... :)
    තව එකක් ලියන්න..ඉක්මනට..

    ReplyDelete
  2. අනේ...ස්තූතියි ගොඩාක්....ඔය වචන ටිකම ඇති මට තව එකක් ලියන්න....ලියපු කතා නම් ගොඩක් තියේ...ඉක්මනටම ඒවි...! :))

    ReplyDelete