Tuesday, July 3, 2012

වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද...දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත...!.

හුඟකාලෙක ඉඳන් අකුරු කරන්න ඕනා කියලා හිතේ පැලපදියම් වෙලා තිබුණු සිතළුවක්...පහුගිය ටිකේ අහපු දැකපු අත්විඳපු සිදුවීම් නිසා පණ පොවන්න ඕනා කියල සිතුණා.ඒ සිතිවිල්ලට හුඟක්ම පණ වැටුණේ පහුගිය දවසක "තරුණි" කාන්තා පුවත්පතේ දැකපු ලිපියක් නිසා.හරියටම දිනවකවානු මතක නැතිවුනත් එහි තිබුණු අර්ථයට දෑස් වල කඳුළුත් නැගුණා මතකයි මට.

"දියණිගේ ආරක්ෂාව ගැන සිතන්නට කාලයයි මේ..." යන තේමාවෙන් එහි, සැඳෑ සමයේ කොළඹ ඉඳන් නිවස බලා රැකියාව අහවර වී ගෙදර යන මහත්මයෙක් තමන්ට පු0චි ගැහැණු දරුවකු පිළිබඳ මුහුණ දෙන්නට වූ අත්දැකීමක් අපූරුවට විස්තර කරලා තිබුණා.
කොළඹ කොටුව දුම්'රිය පොළ අසලින් සවස 6ට පමණ බසයට නැග්ග පාසල් ඇඳුමින් සැරසුණු පු0චි දැරිවියක් තමන් ලඟ ඉඳගන්න සැටිත් ...වැඩිදුර නොයාම ඒ පු0චි කෙළිපැටික්කි නිදිකිරා වැටී තම ඇකයට වැටුණු සැටිත් ඔහු විස්තර කරලා තිබුණා.
තම ගෙදර හුන් දියණිය සිහිවන ඒ දයාබර පියා ඒ මොහොතේ ඈට රැකවරණ දෙන අයුරු කියවන විට මගේ නෙත් සත්තයි බොඳ වුණා.නිදි අහවර වී ඇස් අරින ඈ කලබල වී සමව අයදින විට ඔහු මුවින් ගිලිහුණු වදන් ඒ පිටු අතර ලියවී තිබූ හැටි තාම මතකයි මට.

" නෑ දුවේ..ඒකට කමක් නෑ...
මටත් ඉන්නවා ඔයාගේ වයසෙම දුවෙක්...."

ඔහු ඇගේ හිස අතගා ඈට පවසා තිබුණා.

මේ ලිපිය කියවා අවසාන වනවිට ඒ දැනුණු හැඟීම් සියල්ල එක්ක මට සිහිවුණේ මගේ තාත්තාව.
සැම ගැහැණු දරුවෙකුම තමන්ගේ දුව වගේ දකින්න පුලුවන් දකින ඒ වගේ පියවරු මටත් අනන්ත අප්‍රමාණ මුණගැහිලා තියෙනවා ජීවිතේ.

පොඩ්ඩක් අහන්න....,

පහුගිය දවසක...තලලා විනාශ කරලා දියවලක දමා ගොස් සිටි සත්වියැති මල් කැකුළ....
අනේ අර බස් රියේ පු0චි දැරිවිත් ඒ මහත්මා ගුණ ඇති පිය ඇකයට නොවැටී ...එහෙව් සල්ලාල ඇකයකට වැටුණා නම්....අද මේ ලිපිය වෙනුවට..කඳුළු කතාවක් තවත් අහන්න වෙන්න තිබුණා අපට.

"හ්ම්ම්ම්...." හුස්මක් වා තලයට එකතු වුණා.

තිරිසන් සත්තු වගේ....ඇයි අම්මේ මිනිස්සු..." කැම්පස් ඉඳන් ගෙදර එන ගොඩාක් දවස් වල එහෙම කෑ ගහගෙන එන්න වුණු දවස් ගොඩාක් තිබුණා.

ගෑණු උදවිය පෙරලාගෙන බස් රියට...දුම්'රියට නගින පිරිමි.....,
අතපය සතර ස0වර නැති අපේම ඈයෝ...
අඬන්න බැරි නිසා කෑ ගහලා බනින්න බැරි නිසා..නිහඬ පියවර අරන් ගෙදර ඇවිත් එහෙම තරහා දුක පිටකරපු දවස් අනන්තයි.

"මේ අවුරුදු 4 ඉවර වෙන්න කළින් මම එකෙකුට කණ රත්වෙන්න දෙනවා...." දවසක් මම ගෙදර ඇවිත් කෑ ගැහුවා මතකයි.

තරහා වෙන්න එපා මා එක්ක.....
ම0 දන්නවා ඔබ දැන් දුකින් හිතනවා ඇති....
"ඔව් හැමෝම එහෙම නෑ.....!"

එහෙව් අමාරු වෙලාවල අපි දිහා පිය සෙනෙහසින්...සොයුරු පෙමින් බලාපු අනන්ත අප්‍රමාණ සිත් ඇත්තෝ මටත් මුණ ගැහිලා තියෙනවා.

එකපාරක් එහෙම තිරිසන් ගුණ ඇති මිනිසෙකු නිසා අපහසුතාවට පත්වෙලා දුම්'රියේ... කරකියාගන්න දෙයක් නැතිව අසරණ වුණු වෙලාවක මාවත් මිතුරිවත්....අඬ ගහලා සිය සෙවණට ගත්ත තාත්තා කෙනෙක්ව මට සිහිවුණා....
ඒ විතරක් නෙවෙයි....

"න0ගියෝ අවුලක්ද...??"

එහෙම අහලා උදව්වාට ආපු සොයුරොත් අපමණයි.

මගේ සරසවි මිතුරෝ පවා මට එහෙව් සෙනේ මතක ගොන්නක්...!

සත්තයි ආයෙත් ඇස් කඳුළු අරන්....
දුකට නෙවේ සතුටට....

හැම ගැහැණියකම දිහා.....එක කෝණයකින් හරි....
තමන්ගේ අම්මා...සොයුරි...සෙනේ පෙම්වතී..වගේ දකින්න පුළුවන් උතුම් මිනිස්සුත් අපි අතර ඉන්නවා....
දුක් වේදනා කඳුළු අතරින් මතුවුණේ අන්න ඒ සතුටු කඳුළු.

"කවිකාරී ඇයි හැමදාම ආදරේ ගැනම ලියන්නේ....??" එහෙම අහපු උන්නා මගෙන්
ඒකටත් හේතුවක් තියනවා...

කුරිරුකම්..කටුකකම්..අපරාධ...දුර්ගුණ..මේ හැම එකම පෙන්නා දීලා කවිකම්...අකුරු කරන අපේම පින්බර කලාකාර පිරිස අතර ම0 හිතුවා වෙනස් පාරක යන්න.

ඒ දුක් කටුකකම් රිදවන සිතට..සතුටක් සැනසීමක් දෙන්න....
උතුම් මිනිස් ගුණ ගැන දැකලා හිනා වෙන්න පුළුවන් මිනිස් ගුණ ගැන ලියන්නමයි කවිහිත බල කළේ....

කවිකාරි ඉපදුනේ එහෙම....

මේ වන සිවුපාවුන් අතර දෙවි දේවතාවුන්ද ඉන්නවා....
දැස් ඇරලා බලන්න....හරීම අඩුයි....
ඒ වුනත්..අඳුරු මුහුණු අස්සෙන් දිළිහෙන ඒ දේවතා එළි පෙනේවි ඔබට....

ඉඳින්...මේ පින්බර ඇසළ පොහෝ දවසේ..දෑත් එක්කාසු කරලා පින් අනුමෝදන් කරන්නම් ඔබට....

"පියාණෙනි...සොයුරාණෙනි...මේ හැම වදනක්ම...අකුරක්ම...ඔබට උපහාරයක්ම වේවා...!"

2 comments:

  1. පෝස්ට් එක දැකලා ලයික් කලාට අද තමා කියවන්න වෙලාව හම්බු වුනේ.. මේ දවස් වල examනේ..ඒකයි.. මේ ලිපියේ තියෙන දේවල් ඇත්තම ඇත්ත තමා.. මමත් සමහර වෙලාවට බස් වල අපහසුතාවයට පත් වෙලා තියෙනවා.. ඒත් කවදාවත් මගේ උදව්වට කවුරුත් හිටියේ නම් නැ.. ඒත් මම එහෙම වුනු අනිත් අයට නම් පුළුවන් තරමින් උදව් කරලා තියෙනවා.. මිනිස්සු තිරිසන්නු වගේ හැසිරෙන්නේ ඇයි කියලා මටත් තාම හිතාගන්න බෑ.. මිනිසා අනිත් සත්තුන්ට වඩා දියුණුයි කියලා කිව්වට කරන වැඩ වලින් නම් මිනිස්සු ඇත්තටම දියුණුද කියලා හිතෙනවා... හොඳ ලිපියක්.. :)

    ReplyDelete
  2. සහතික ඇත්ත Red Riding Hood. හ්ම්ම්ම් ඒක තමයි බලාපොරොත්තුවක් කියලා ඉතුරු වෙලා තියෙන්නේ මේ හොඳ මිනිස්සු විතරක් නිසා එයාලා ගැන ලියන්න ඕනා කියලා හිතුනා...! :) ස්තූත්යි

    ReplyDelete