Monday, May 14, 2012

මා ලද්දෙමි නුඹ..ඒ මා කල පින්කම...!



ජීවිතේ හමුවෙන හැම අමතක නොවෙන දෑසක්ම ජීවිතේට ගේන්නේ වටිනාකමක් කියලයි මම නම් අදහන්නේ
දුක උනත්..සිනහව උනත්...
ඒ මතකය ජීවිතේට දෙන්නේ සදාතනික පාඩමක්...
ඉඳින් මේ පුංචි පද වැල් පෙල මට "මගේ සරසවි පින් බිමේදී" හමු වූ ස්නේහ මිතුරියන් වෙනුවෙන් හිත පිරුණු සෙනෙහසින්...කවිකාරිට...!


හිනැහෙන නෙතු ලඟ මුතුවැල් හසරැල්
දුක දැනුනා නෙතු පිරුණා කඳුලැල්
එනමුදු නුඹ ලඟ උන්නා හැමකල්
මිතුරිය සෙනෙහේ..නුඹ නම් මනකල්

ජීවන මං පෙත පිපුණද කුසුමන්
පිනිබිඳු මෙන් අග ඒ මැයි කඳුලැල්
ගඟනත ලා හිරු කිරණක් වී දුල්වන්
නුඹ පෑයූ සඳ මල්පෙති මනරම්

පින්බරකම් පෙර ගෙන එයි සිනහව
මා ලද්දෙමි නුඹ..ඒ මා කල පින්කම
මතුභවයේදීත් නුඹවන් හිතවත්කම
දෙන්නට...ලබනට...වේවා මා පින්සර...

3 comments:

  1. ලස්සනයි ගොඩාක්..අන්තිමට අහින්සක කොල්ලන්ව අමතක වුනානේ.ඔහොම යන්කෝ

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මේක ලියලා ගොඩාක් කල්....වෙනස් කලේ නෑ ආයේ.....facebook එකේ තිබ්බා ඔයාලට ලිව්ව එකක්...හැබයි ඉතින් ඒ අපි..පුංචිකමට තරහා උන කාලේ එකක්....! :PP

    ReplyDelete