Thursday, March 15, 2012

පිහාටුව....!!

පුංචි පිහාටුවක් හුලඟේ පාවෙලා ඇවිත් හිතුවෙවත් නැති වෙලාවක....ඔයා වටේ කැරකිලා නතර වෙනවා ඇස් ලඟ.....හෙමි හෙමින් අඩි තිය තියා ඔයා ගිය ගමන හරස් කරගෙන....
"නිකම්ම නිකන් පිහාටුවක් විතරයි...අහුල ගෙන පොඩ්ඩක් අතේ තියාන ඉදියි...එච්චරයි.පස්සෙ වැටුනෙ කොහෙද කියලවත් දන්නෙ නැති වෙයි."
ඔයා යන්න හැරෙනවා ආපහු. අයෙමත් හෙමි හෙමින් අඩි තිය තිය. හීතල හුලඟක් ඇවිත් ඔයාව පහු කරන් යනවා...ඒ හුලඟත් එකක් ආව මොකක්ද සිනිදු දෙයක් හැප්පුනා.ඔයාගෙ අත මුහුණට ගියේ දන්නෙවත් නැතුව.
පිහාටුව....!! අයෙමත් ඇවිත් මේ ඔයාමද ආයෙත්. "
දැන් පිහාටුව ඔයාගෙ අතේ.ඔයා බලාගෙන හිටියා."
දැන් මේක අරන් යනවද නැද්ද...?? "ඔයාට ප්‍රශ්නයක්. තාමත් ඔයා හිතුවා.ගමන යන්නත් පරක්කු වෙනවා. ඔයා හෙමිහිට පිහාටුව අහක කොළයක් උඩින් තිබ්බා.
"ගිහින් එන්නම් පිහාටුව".
ඔයා හැදුවෙ යන්න දිගටම අයෙමත්..
"අහන්න" ඔයා තිගැස්සුනා. "මාව අරන් ගියා කියල නවතිනවද ඔයාගෙ ගමන....?"
ඔයා ඇස් ලොකු කරන් හැරිලා බැලුවා.
"පුංචි බරක් නැති පිහාටුවක් කියල දාලා යනවද?...ඔය පිහාටුවක් නෙවෙයි.අල්ලලා කොයිතරම් නතර කරගන්න හැදුවත් ඔයා එක්කම එන මගෙ හිත.....! " කෙනෙක් ඔයා දිහා බලාගෙන කියනවා..... ඔයා දන්න කෙනෙක්..කලින් දන්නෙ නැති උනත් දැන් ඔයා ටිකක් දන්න කෙනෙක්.ඔයා ඇස් ලොකු කරන් ගොඩක් වෙලා බලන් හිටියා.ඔයාට තේරුනා ඒක.ඉක්මනට යන්න.හිත කිව්වා.
"මට යන්න ඕනා." එයා බලගෙන ඉද්දිම ඔයා ආපහු හැරිලා යන්න ගියා.එයා බලාගෙන ඉන්නවා...,ඔයාට දැනුනා........*******


කතාව ඉවර නෑ..මතු සම්බන්ධයි...!!











No comments:

Post a Comment