Sunday, February 3, 2013

හිනාවෙන්න කියාදෙන්න..! (පළමු කොටස)





නව වසරේ පළමු නිර්මාණය...කවිකාරිට දෙන..
විභාගය ඉවර උනා...නිවාඩුවක් ඇවිත් ඉතින් ආවා මේ පැත්තට...
මේ කතාව උසස් පෙළ ඉවර වෙලා ගෙදර ඉන්න කාලේ ලිව්ව එකක්.මතක එකතුවේ
(කතා ටික,කවි ටික තියන පොතෙන්)තිබිලා හොයා ගත්තේ..
 මේ මුල් කොටස..කියවලා අදහසත් කියලාම යමු...! :)
*****************************************

සීතල මුහුදු සුලං සැඳෑ අහස පිසගෙන ඇවිත් ඇඟේ හැපුණා..සීතලයි...
මම හෙමිහිට දෑත් බැඳගෙන ඈත පෙරළෙන මූදු රළ දිහාවට නෙත් යොමු කලා.
උස රළ පුංචි රළ පස්සෙ නවතින්නැතුව පන්නනවා...පුංචි රළ ඒ ලොකු රළ වලට අහු නොවෙන්න වගේ වේගෙන් ඈතට දුවනවා...
එහෙම දුවගෙන ඇවිත් සුදු වෙරළ අල්ලලා බදාගෙන සිප ගන්නවා..
මම කතාවක් කියවනවා වගේ බලා උන්නා...
හරියට අපි මිනිස්සු වගේමයි...මට එහෙම හිතුනා.
ඈත වෙරළ දිගේ හිමිහිට පිය මනින යුවලක් හදිසියේම මගෙ ඇස් වලට අහු උනා...
කොල්ලා කෙල්ලව ලඟට කරගෙන බඳ වටේ අත යවලා හරියට වටිනා දෙයක් පරිස්සම් කරනව වගේ..
කෙල්ලත් හා පැටියෙක් වගේ ඒ උණුහුමට තුරුළු වෙලා..
මං ඒ මුහුණු දිහා බැලුවා.කොල්ලගේ මූණේ තිබුනේ ආදරය පිරුණු ආඩම්බරයක්..
එතකොට කෙල්ලගේ...රැකවරණය ලද පොඩි එකෙකුගෙ මුහුණේ තියන තෘප්තිය වගේ...
ආදරය ලඟ  හැමෝම පුංචි හා පැටවු වගේ..කෙල්ලෙක් ගැන ආදරයක්..බැඳීමක් ඇති වුණ්ය් කොල්ලෙක්...මම කල්පනා කලා...
පිරිමි ගැහැණුන්ට වඩා දරදඬුයි..රළුයි.
ගැහැණු  මුදුයි..මොලොක්..සංවේදියි..එහෙම නේද..?
ඒත් මුළින්ම ආදරේ ලඟදි දරා ගන්න බැරි විදියට කඩා වැටෙන්නෙ පිරිමි..මට එහෙම හිතුණා...
නෑ මං දැකලා තියෙනවා..විඳලා තියෙනවා...
කොල්ලෙක්ට කෙල්ලෙක්ට වගේ හැමදේම හිතේ හංඟන් ඉන්න බෑ...දෝරේ ගලලා පිටාර යනවා..
ඒත් කෙල්ලෙක්..
එහෙම බෑ...ලොකු දරා ගැනීමක් හිතේ ශක්තියක් තියාගන්නම වෙනවා...
ආදරය ලඟදි ආදරේ කියන ඇස් වලින් තමන් ආදරේ කරන කෙල්ල ගාව උස මහත ලොකු පිරිමි දරුවො පුංචි උන් වගේ වෙනවා...
හ්ම්ම් ඒත් සැබෑ ගෑණුකම අඳුරන ගෑණු දරුවෝ පුළුවන් තරම් ඉවසනවා..දරා ගන්නවා ඒකයි සොබාදහම ගෑණුකමට දීපු තෑග්ග...මට හිනා ගියා...
නෙතු අද්දර මූණු කීපයක්ම මැවී පෙණුනා...
ආදරේ...එහෙම හැමෝටම දෙන්න පුළුවන්ද...??
බෑ එහෙම කරන්න බෑ....
ආදරේ කියන්නෙ කෙල්ලෙක්ගේ මුලු ජීවිතේම...බැමි බැඳගෙන මොකවත් දැනෙන් නෑ වගේ තියන වාන් දොරටු ඇරියම..ඒ හැඟීම් දියෙන් මුළු පළාතම යටයි.
එහෙම අසරණ පුංචි උන් වගේ වෙන කොල්ලෝ ලඟ ආදරේ කියනකම්..ආදරේ දෙනකම් කෙල්ලො සිංහ පැටවු...
ආදරේ දුන්නම සේරම කනපිට ගහනවා...
කෙල්ලො හා පැටවු..පූස් පැටවු වගේ වෙන්නේ කෙල්ලො...
කොල්ලො ඉතින් ඊට පස්සෙ දඩ සිංහයෝ..
මට ආයේ තනියම හිනා ගියා...හිත මොන තරම් දුර ගියාද....
මං ආයේ ඈත ක්ෂිතිජය දිහා බලාන් උන්නා..
මම තාම සිංහ පැටියෙක්...ඒක කෙල්ලෙක්ට හරි අමාරුයි..හිත අස්සේ මහා ලොකු යුද්ධයක්...
ජීවිතේ විවිධ මංසලවල් පසු කරන් අද මම මෙතනට ඇවිත්...
සිංහ පැටියෙක් වෙලා දුවගෙන එන්න විතරයි පුළුවන් වුනේ...
හිත නවත්ත ගන්න නොහැකි වුනා...ආදරේ එහෙම දෙන්න බෑ හැමෝටම..
ඒකට හිත කියන දවස එන්න ඕනා...
ඒත් සැබෑ හැඟීම් ලඟ ලොකු ලොකු ලෙන්ගතුකම් උපදිනවා...හිතටත් හොරාම..
කාලය ගත වෙලා ගිහින්..මට දැන් මහන්සියි..මට එහෙම හිතුණා...
මම ටික ටික දුර්වල වෙලා...
නෑ මාව දුර්වල කරලා...මම ඈත පාර දිහා බැලුවා..
"හිරූ..මට එක පැයක් දෙන්න දරුවෝ..." ලොකු මහත්තයෙක් හා පැටියෙක් වගේ පිං සෙණ්ඩු උනා...
අහස් මොකක්ද වෙලා තියෙන්නේ ළමයො..මට exam..වැඩ තියෙනවා කරන්න office එකෙත්
"මටත් වැඩ තියෙනා තමයි..ඔයාටත් තියෙනවා...ඒත් ජීවිත කියන්නේ වැඩ කරන එක විතරක්ම නෙවෙයි
අදට විතරක් එන්නplz plz it’s ergent"
මං බර බරේ දාලා අන්තිමට එන්න හා කිව්වා..
ඒත් ඔහු තාම නෑ...මම ඇවිත් දැන් පැ කාලක් විතර වෙනවා...
මට ලැජ්ජා හිතුණා...
මම වැල්ලේ ඉඳගෙන දණහිස් මත හිස රුවා ගත්තා...
දඩ දඩ ගාල සද්දයක්...කවුරුහරි දුවගෙන එනවා...මම ඔළුව උස්සලා බැලුවා...ට්
ටයි පටිය අතින් ඇද ඇද ඔහු මා දිහාවට දුවගෙන එනවා...
මං අහක බලා ගත්තා...
හිනා යන්න එනවා...මං යටි තොල හපා ගත්තා...
ඉස්සරත් ඕවගෙමයි නේද...
"පිස්සුද..මං ඇඟ පුරා විසිරුණු වැලි පිහදා ගත්තා...
ඔහු එහෙමම දුවගෙන ඇවිත් නැවතුනේ.. මා ලඟ වැල්ලට වැටිලා..වැලි හැමතැනම ඉහිරුනා...
"හා: මං හිතුවා ගිහින් තමයි කියලා..."
"ඔව් මම මේ යන්න හැදුවේ...මව රස්තියාදු කරනවා.."
"නෑ හිරූ අද මේ මීතින්ග් එකක් එලියට පැන ගන්න බොරු 100 විතර කියන්න වුනා.." ඔහු මා එක්ක හරි හරියට ඉඳ ගත්තා...

": මොකද වැඩ මග අරින්නේ.." මං බෑගය බදා ගත්තා..
"bcz I wanna talk you" ඔහු ඈත දිහා බලාගෙන කිව්වා.."අදම"
"ඉක්මනට යන්න ඕනා මම...මොක්කද දැන් වෙලා තියෙන්නේ..."
"බෑ අද යන්න දෙන් නෑ..." ඔහු හිතුවක්කාර ලෙස කිව්වා...මම තරහින් වගේ ඔහු දිහා බැලුවා..
"ආ ඒ කොහොමද..."
"අද මේක ඉවරයක් කර ගන්න ඕනා..." ඒ හඬේ කවදාවත් නැති ස්ථාවර ගතියක්...මං හොරෙන් ඔහු දිහා බැලුවා...
මුහුදු හුලඟට ඒ කෙහෙ රැලි අවුල් වෙලා...
"මොකක්ද...?"
"මේ පිස්සු සෙල්ලම..." ඔහු කිව්වා..
"මොකක්" ඔහු නිහඬව නැගී හිටියා...ඒ විතරක් නෙවෙයි මගෙ අතින් ඇදලා අරන් මාවත් නැගිටුවා ගත්තා..
"අහස්..මොකක්ද මේ කරන්නේ.." මම ඒ අත අත ඇරවා ගන්න දැඟලුවා..
"මේ ඔයයි මායි කරන සෙල්ලම..." ඔහු මගේ නිකටින් අල්ලා මුහුණ ඔහු වෙත හරවා ගත්තා..
"are you mad..?"
"yaa yaa..you made me so.."

-මතු සබැඳි-



2 comments:

  1. ගෑණු ළමයි යාලූ වෙන්න කලින් සිංහ පැටව් වගේද ? ඉතුරු ටිකත් දන්න ඉක්මනට ....

    ReplyDelete
  2. ඒක අපිටත් වඩා හොඳට අයියලා දන්නවා නැතැයි... :P
    හී හී ම්ම් ඒ වගේ තමයි නේ...!

    ReplyDelete