Thursday, July 25, 2013

සිහින දකිමි..!


අදහමි..සිහින දකිමි
ඔබ මා යැයි සිතාගෙන..
මා ගන්නා හුස්ම පොද පවා ඔබ යැයි සිතාගෙන..
ගෙවන දිවියක්...

වදනින් කියන්නට බැරි වනු ඇත...
වදන් ගලපා ගත නොහේ..
එනමුදු දෙනෙතට එබී බලනු මැන..
ඔබම මිස වෙන යමක් ඔබ නොදකිනු ඇත..

ඔබටම පතමි..
ඔබේම ජය..
ඔබේම ප්‍රීතිය..
කඳුලු මම ගනිමි...
ඔබේ සිනහවෙන් ජීවිතය දකිමි...

සුහදාණනේ...
මේ දෑඟිලි තදින් අල්ලා ගන්න...
කෙදිනකුදු අත නොහරින සේ සිතා...
මඟ හසර කටු අකුළු තිබුණත්..
හිනැහෙමින් පිය නඟමු කියා...

මම එමි..
ඔබද එනු ඇතැයි සිහින දකිමි..
වසන්ත උදා වනු ඇත..!



                  -කවිකාරි-




Saturday, June 29, 2013

එකම තනුවයි වැයෙනා...!


නෙක බසින් පබැඳී..
නෙක හඬින් ගැයෙනා..
එනමුදු...මුළු විශ්වයම..
එකම තනුවයි වැයෙනා...
හදවතේ මියුරුසරින්..
ඒ නම්..
ආදරේ...!

කවිකාරි

Saturday, May 4, 2013

කෙලවර ඉවසුමේ....!


දුරින් හිඳ හෝ මා දකින්නට ඔබ වරම් ලද හන්දා..
දුරින් හිඳ වුව ඔබ නෙතු මා සොයන වග මාද දන්නා හන්දා..
නෙතින් ගිලිහෙනු මං සොයන කඳුළැල් මදක් නැවතී උන්නා...
එනමුදු
දුරින් හින්ද වුව මා දකින්නට වරම් ලැබුණැයි සැනසුනු නුඹ...
දුරින් හිඳ වුව ඔබ නෙතු මා සොයන වග දැන මම...
යන්තමින් හිනැහී...නෙතු බැල්මෙන් දුක සැප අසා ගෙන...
යන ගමන නිමක් නැති බැව් දැන...
සිත අසයි කෙලවර ඉවසුමේ..ඔබ මා නොදකින...මාද ඔබ නොදකින හෙටක් ගැන සිහිකරගෙන....!


Wednesday, April 17, 2013

කඳුළු වලට කළින්..!


කඳුළු වලට කළින් වචන වලට එන්න පුළුවන් උනා නම්..
සත්තමයි...
මට කියා ගන්න තිබුනා....
මතකෙට එන හැමවෙලේම ඇස් වල කඳුළු එන්නෙ ඇයි කියලා...








Sunday, March 17, 2013

පන්හිඳ මා අත උනා නම්...!


නවකතාවක් වගේ...
අකුරු කරන්නට...
පන්හිඳ මා අත උනා නම්...
සත්තමයි...
ලියනවා මම මහ පුදුම ලස්සන කතාවක් ජීවිතේ..

ඔච්චර හිනා වෙන්න එපා...ඔබ කියාවි...
කඳුළ මොකක්ද ඔබ අසාවි...
නිමා වෙනකම්ම එක හුස්මට කියොගෙන යාවි..
ඒ කතාව....

පන්හිඳ මා අත උනා නම්..සත්තමයි මම ඒ කතාව ලියාවි...!

Wednesday, February 27, 2013

නුඹ විතරක්'මැයි...!






සඳ'මැයි...රෑ අහස ලඟ තනියට උන්නා...
කඳුළු'මැයි නෙතු ලඟ තනියට උන්නා...
සිනා'මැයි...ඒවි යැයි තනියට මුව මඟ බලන් උන්නා...
නුඹ ඒවියැයි හිත බලන් උන්නා...
එනමුදු කවිය නුඹ විතරක්'මැයි...
තනියට...
පොත පුරා...
හිත පුරා...ලියවෙමින් හිඳිනා...!

Monday, February 18, 2013

නිමක් නැති...!

කවදාවත්ම සමුගැනීමක් නොමදී...
නිමාවක් නැතිව නවතින..
ඔබේ මාහැඟි කෙටි පණිවිඩය මට....
නිහඬව මුමුණන...

"නිමා වුව නිමා නොව්...ඔබේත් මගේත්..
සමුගැනීමක් නැති කතාව"