දෙනෙත් පෙති රිදෙනමුත්...
සත්තයි තවම මග බලාගෙන මම...
නොවිමසන් මගෙන්...
පුරුද්දක් වෙලා දැන් මට....
වැහි බර අහසේ...තරු කැකුළු යලි පීදෙනකන්..
නෙතු කඳුළු වැස්සේ මග බලා ඉන්නම් මං...
නොවිමසන් මගෙන්...
පුරුද්දක් වෙලා දැන් මට...
නුඹ...
නෙතු පියන් රිදුම් දෙනකන් මග බලාගෙන මම....!
-කවිකාරි-
//නෙතු පියන් රිදුම් දෙනකන් මග බලාගෙන මම....!//
ReplyDeleteමොන අකියන්නද මංදා.. ඔහොම බලන් උන්නු කාලයක් තිබ්බා මටත්... ඒත් හැමදේටම සීමාවක් තියෙනවා... ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
හැමදේම හොදම කාලෙදි සිද්ධ වෙයි.. :)
හ්ම්ම්... පුරුද්දක් වෙලා මට... අපි කෙනෙක්ට ආදරේ කරද්දි ඒ ආදරේ පුරුද්දක් වුනාම, ඒ කෙනා ආවත් නාවත් අපි ඒ කෙනා වෙනුවෙන් බලන් ඉන්න එක නතර කරන්නේ නෑ නේද? ලස්සනයි නංගෝ...
ReplyDeleteහිතුවක්කාරි- හ්ම්ම්ම්...ඒක ඇත්ත.වෙන බලන්න දේකුත් නැති නිසා...බලා ගෙන උන්නට මහන්සියකුත් නැති නිසා...එපා වෙන දවසක් එනකම් බලා ඉන්න එකයි තියෙන්නේ. හි හී
ReplyDeleteප්‍රාර්ථනා අක්කි- ඔව් අපිවත් දන් නැතුව පුරුද්දක් වෙනවා...ආවත් නාවත්...
ස්තූතියි දෙන්නටම ගොඩාරියක්...! :) :)
කවිය කොහේද සිත්තමී එතන....ආවමයි මේ පැත්තට දිගටම ලියන්න සිත්තමී එනවා බලන්න....අද කවිය ලස්සනයි....මටත් දැන් පුරුද්දක් වෙලා....ඒකයි මේ කවියට ආස
ReplyDeleteහඳුනා ගන්න ලැබීම සතුටක් සිත්තමී.හැමදාම එන්න...ගොඩාක් ස්තූතියි...
ReplyDeleteසිතේ තියෙන දේවල් කවිකාරිට දෙන එක මටත් පුරුද්දක් වෙලා දැන්...! :D
එහෙම නං අපිත් විමසන්නෑ ඔන්න.. ඕනම දෙයක් පුරුද්දට ගියාම ඒකෙ දුක නැතිවෙනව.මග බලන් ඉන්නෙකත් ඒ වගෙද?
ReplyDeleteපුරුද්දක් වෙලා අන්තිමට වෙනසක් නැති වෙලාම යන්නත් පුලුවන්...
ReplyDeleteඅපි බලාගෙන ඉන්නවා...ඒක ඒ අය දන්නවා...
එත් අපේ පුරුදු ගැන වද වෙන්නේ මොකටද...
ඒක පුරුද්දක් නිසා....! :)
ස්තූතියි වර්ෂා අයෙත් ඇවිත් යන්න එන්න