එකම තේමාවකට සීම වෙලා කියලා කවිකාර සිත් කීපයකින්ම චොදනාවක් ආවා.ආදරණීය චෝදනාවක්.
"ආදරේ..." හරියට දන්නේ නැති උනත්...දැනෙන හිතෙන හිත ලිව්වේ එහෙමයි.
පොඩ්ඩක් වෙනස් නිම්නයක් හොයාගෙන...කවි සිත අරන් යන්න ඉස්සර...මීට ටික කාලෙකට කලින් ලිව්ව කතාවක්....කවිකාරිට දෙන්න ඕනා කියලා හිතුනා.
අත්දැකීමක් නම් නෙවෙයි.අනේ එහෙම වෙන්නත් එපා....! :)
අඩුපාඩු නම් ගොඩාක් ඇති.මේ කතා ලෝකෙට ආගන්තුකයිනෙ මම.
නවකතවක් තරම් දිගත් නැති නිස..කෙටි කතාවකට වඩා දිග උනත් කෙටි කතාවක් කියලම කියනම්.
අද ඉදන් පුලු පුලුවන් වෙලාවට....අරන් එන්නම්.....! :)
******හිනැහෙන්නේ හිත හීනෙන්දෝ....!*****
පළමු දිගහැරුම
මම කණ්ණාඩි මේසය ඉදිරිපිටට වී ඉන් පෙනෙන මගේම රුව දෙස බලා හුන්නෙමි.රෝස පාට මල් සාරියත් හැට්ටයත් මගේ රුවට පාටට හොඳටම ගැළපුනත් මා ලස්සන යැයි ඉස්සර වාගේ මට සිතුණේ නැත.මම ඔහේ කණ්ණාඩි මේසය මත වූ ආභරණ අත ගෑවෙමි.
"දෝණි...,තාම ලෑස්තියි වෙලා ඉවර නැද්ද...?" අම්මාගේ හඬින් මගේ දැහැන බිඳිනි.ඈ මවෙත ආවාය.
"ඔයා තාම මාලෙවත් දා ගත්තේ නැද්ද දරුවෝ....?? " නෝක්කාඩු බැල්මෙන් මදෙස බැලුවාය.
"මට මාල එපා අම්මේ...!" මම මිමිණුවෙමි.
"පිස්සු නැතුව මෙන්න මෙහාට එන්න දරුවෝ..." ඕ බලෙන්ම මා හරවාගෙන ගෙල වටා රන් චේන්පට ගැට ගැසුවාය.
"දැන් ඔය කොන්ඩේ හරියට පීරා ගන්න...මම යනව කුස්සිය පැත්ත බලන්න.දැන් ඒ මිනිස්සු එනවාත් ඇතියි."
"අම්මේ..., මල්ලි කෝ...?"
"ඔය එක එක ඒවා කකා කැරකි කැරකී ඉන්නෙ"
අම්මා පිටව ගිය පසු මම යළි කණ්ණාඩිය දෙසට හැරුණෙමි.වෙනදාට ගෙදර ඉන්නේ නම් මගේ කාමරයටම රි0ගන මල්ලී අද වැඩිය මට මූණ දෙන්නට ආවේ නැත.මම දන්නේමි.කොල්ලාට දුක ඇතිය.
මම පනාව අතට ගෙන මගේ ගෙල තෙක් පමණ ඇති කෙටි කොණ්ඩය පීරන්නට වීමි.
"හායි...මනමාලී..."
මම තිගැස්සුනෙමි.දොර ලඟ හිනැහෙමින් උන් ඒ රුව දුටු මට කෑ ගැසිණි. "මධූ...,ඔයා.....?"
ඇසිල්ලෙන් ඈ වෙත දිව ගොස් බදා වැලඳ ගතිමි.සෙනේ මිතුරි ගොඩ කලකින් දුටු සිත වාව ගන්නට බැරිව පිටාර ගලන්නට වූවාය.
"ඇත්යි ඇත්යි කෙල්ලේ...උඹේ ඔය ඇඳුම පොඩි වෙයි" නෙත් පියන් සලමින් කඳුලු කැට මට සැඟවූ ඈ හෙමින් මා කෙරෙන් ඈත් වූවාය.
"ම0 කියන්නැතුව ආවේ උඹව Surprise කරන්න" ඕ මා දෙවුරෙන් අල්ලා ගත්තාය.
"හරීම ලස්සනයි අද ඔයා....." ඈ හිනැහුනාය.මට සුසුමක් හෙලුනේ ඉබේමය.මීට වසර ගණනකට පෙරද මධූ මට එසේ කීවාය.ඒ මීටත් වඩා හුඟාක් ලඟිනි.මගේම නෑනන්ඩිය වන්නට අත පොවන මානයේ ඉදන්ය.
"මළිඳු දෙනුවන් සේනානායක" පපුව රිදුනේය.මධූගේ එකම සොයුරා මතකයට ගෙනවිත් නෙතුපිය යළි කඳුලු පුරවා ගත්තාය.
"හරි හරි දැන් ඉඳ ගනින්.ම0 කියන්නද ඔය කොන්ඩෙ නිකන් පීරන් නැතුව අපි ටිකක් කර්ල් කරමු.අර මහගෙදර නන්දනීගෙ වගේ....මතකයි නෙහ්....? ඔයා ලස්සනට පෙනෙයි එතකොට.....කොහොමත් ඒ වගේනෙ..." ගිරවි වගේ කියවමින් ඕ මා කණ්ණාඩිය ලඟ ඉඳ වූවාය.
"වැඩිය වැඩ දාන්නෙපා මධූ.මම ආස නෑ" මම මිමිණුවෙමි.ජීවිතයේ මෙසේ නොදන්නා පිරිමියෙකු ඉදිරියට හැඩ වී යන්නට තුන්හිතකින්වත් හිතා උන්නෙම්ද මම....??
"අනේ ඉඳපන් අදම ඌට උඹව ගෙනියන්ඩ හිතෙන්න මම ලස්සන කරනවා අද..." මධූගේ සිහින් ඇඟිලි තුඩු හිසපුරා යද්දී නෙත්කෙවෙනි යළි කඳුලු එක්කාසු කරන්නට වූවාය.අමතක කරන්නට බැරි..එනමුදු කලයුතු ඒ අතීතය මහිත පාරවන්නට විය.
"අක්කලා...,තේ ද...කූල් ද??" මල්ලි කෑ ගසන හඬ මට ඇසුණි.
"කූල් හොඳයි මල්ලී...තේ බිව්වම දාඩියයි නේ..." මධූ පෙරළා පිළිතුරු දුන්නාය.මම නිහඬවම හුන්නෙමි.මට කන්නට බොන්නට වත් හිත එකලස් කරගන්නට බැරි තරම්ය.කොහේ හෝ මුල්ලකට වී ඔහේ බලා ඉන්නට ඇත්නම්.....!
"ආ...වැඩ වගේ..." මල්ලී හෙමිහිට කාමරයට ආවේය.ඔහු අත වූ පිඟාන මම කණ්ණාඩියෙන් දුටිමි.
"ආ..ළමයා...,මොනවද ඔය..? "මධූ හැරී බැලුවාය.
"අලුවා තියෙනවා...කේක් තියෙනවා...."
"මේ අපේ කටටත් ටිකක් දානවා තනියෙන් කන්නැතුව.ඇල්ලුවොත් අතේ ගෑවෙනවා..."
මධූ මා අත හැර මල්ලී දෙසට හැරුනාය.
"ම්ම්..මාර රහයි.ඇන්ටි මාරම විදියට කොල්ලට සලකන්නයි යන්නේ..."
මම මල්ලී දෙස බැලුවෙමි.ඔහු නිහඬව මා දෙස බලා උන්නේය.
"මධූ දන්නවද...මෙයා දැනුයි මාව දකින්ඩ ආවේ.උදේ ඉදන් පැත්ත පලාතේවත් ආවේ නෑ" මම තරහින් කීවෙමි.
"මට වැඩ තිබුනා.මේ ඔයාටත් ඕනෙද..?"
ඔහු පිඟාන ගෙන කෙක් කැබල්ලක් මට කවන්නට නැඹුරු වුනේය.
"ඔය ඔය..ඕකනෙ මට පේන්න බැරි..." මල්ලී එකෙනෙහිම එය මා අත තබා තරහින් පිටව ගියේය.මම දනිමි.ඔහු ඇවිලුනේ මනෙතු තෙත් වී ගිය කඳුලු දුටු නිසා වන්නට ඇත.
"ඇත්තනේ නර්මදා...,ඔයා මෙච්චර කල් ඔහොම හිටියා.අදත් ඔහොම ඉඳිද්දි කොල්ලට තරහ යන්නනැතුවයැ...!" මගේ කඳුලු දුටු ඈ මල්ලිගේ තරහට ලකුණු දැම්මාය.
මම පරාද වීමි.නෙතු පිසදා ගතිමි.මම අද උනත් මේකට මූණ දෙන්නේ මල්ලී නිසා තම්යි මධූ.තාත්තා කිව්වා මට ගෙදරට නාකි වෙලා ඌට බරක් වෙන්න එපා කියලා..."මම මිමිණුවෙමි.මට මධූගේ සුසුම් හඬ ඇසුනි.
"ඇත්තනේ නර්මදා....,දැන් උඹට 27 ක් උනා වයස.මාත් දැන් මැරි කරන්නනේ යන්නේ.අවුරුදු 5ක් ම උඹ ඔහොම ඉන්නකොට ගෙදර අය උහුලපු ගිනි හොඳටම ඇති." ඈ කියනු මම අසා උන්නෙමි.
"මට මළිඳු අයියව හැමවෙලේම මතක් වෙනවා..."
"මම දන්නව...නර්මදා...අපිට වගේම ඔයාටත් ඒ අතීතය වද දෙනවා කියලා.එයා අපිට නැති උනා.ඒ ගැන හිත හිතා ඔයා මෙහෙම හිටියොත් අයියට සැනසීමක් නැති වෙයි කෙල්ලේ....!"
ඒ දුක්බර වදන් තුළ වූ දුක මහිතට දැනිණි.මම ඒ අත තදින් අල්ලා ගතිමි.
"ඔයා මැරි කරලා අලුතින් ලිෆෙ එක පටන් ගන්න ඕනා.එතකොට හැමදේම හරියයි.ඒ අතීතය අමතක කරන්න අනාගතයට මූණ දෙන්න ඕනා ඔයා දැන්....අපි හැමෝටම ඕනේ ඒක.
ඕ මා දෙසට නැඹුරු වූවාය.
"මම දන්නවා ඔයා ඒකට ලෑස්තියි කියලා....ඔයාට හුඟාක් ආදරේ කරන කෙනෙක් ලැබෙනවා.මට ඒක දැනෙනවා.මම ඔයාගේ අඹී නේ..."
හදිස්සියේ...ඇසුනු වාහනයක හෝන් හඬින් අපි තිගැස්සීමු.එය තවත් වරක් ඇසුනි.
"ආ....ඇවිල්ලා.මේ එයා වෙන්න ඇති.....I wish you all the best" ඈ මා සිප ගත්තාය.
"මම එනකන් ඔහොම ඉඳින්..."
මධූ පිටව ගිය පසු මම ඔහේ බලාගෙන උන්නෙමි.
හිනැහෙන්න ම0 සොයන...ඈ එක්ක යළි එනකම්.....
**** මතුසම්බන්ධයි*****
එක හුස්මට කියෙව්වා.. වෙනස්ම කතාවක් වගේ..ලස්සනට ලියලා තියෙනවා.. අපි බලමූ ඊළඟ කොටසුත්!!
ReplyDeleteකවිකාරි කිව්වාට හොද කතාකාරියකුත් කියලා ඔප්පු කරාවි ව්අගේ..:D
ජය වේවා
good. keep it up
ReplyDelete@හිතුවක්කාරි- ස්තූත්යි....අනික් කොටසුත් ඉක්මනටම ඒවි. ඉස්සරහට කවිකාරි නම නොගැලපෙයිද දන්නෙත් නෑ :DD
ReplyDelete@nirmani- thankuu mate :)
ඊලග කොටසත් දාන්න....
ReplyDelete