තියා ගන්න බැරි දෙයක් නම් අතහරිනවා මිස වෙන මොනවා කරන්නද....??
ඒ වගේ.... නිර්ලෝභී වෙලා.... එහෙම දේවල් අතහරිනවා....
එහෙම කරගන්න පුලුවන් උන එකම කොයිතරම් නම් දෙයක්ද.....එහෙම හිතනවා....
මට තියා ගන්න බැරි නම් ඒක තියා ගන්න....පරිස්සම් කරන්න පුලුවන් කෙනෙක්ට ලැබෙන්න ඕනේ.....
ඒ වගේම.... මා ලඟ නිකම්ම තිබිලා නැති නාස්ති නොවෙන්නත් ඕනේ...
ඒ නිසා.... යන්න කියනවා.....
එත් අන්තිමට....වෙන්නෙ හැමදාම එකම දේ
එහෙම යන්න ඇරියට....යන්න දෙන්න නිර්ලෝභී උනාට...ඒ දේ එහෙම යන්න නොයාවි කියලා හිත බලාපොරොත්තු වෙනවා....
ඒ දේ මා ලග තියෙන්න ඕනා දෙයක් ද කියලා හොයා ගන්න දුන්නු පරීක්ෂනේ....
යතාර්ථය....!!
අරුමයක් නොවේ...හොඳින්ම දන්න යතාර්ථය....
එක හොයා ගන්න මම ම දීපු පරීක්ෂනේ.....
ඔබ අසමත් වෙනවා.....
හරි නම් මම හිනා වෙන්න ඔනී.... මොකද මම දිනලා නිසා....ඇත්ත හොයාගෙන නිසා....
එත් උනේ මොකක්ද දන්නවද.... ?
ඒ ඇත්ත යනකොට දන්නෙම නැතුව... ඉබේම ඒ දිහා හැරිලා ගල් ගැහිලා බලා ගෙන උන්න එක....
දැන් නම් හිනා වෙන්නම වෙනවා....
මහා ලොකු පණ්ඩිත මමයි..මගේ හිතයි....
කොච්චර නෑ කිව්වත් බොළඳයි....
එහෙනම් දැන් ආයේ....හිනා වෙලා ඉස්සරහ බලා ගන්න....
මා ලඟ තියා ගන්න බැරි දේ යනවා....
ඒ ඔයාගෙ හිත.....
ටිකක් ඇස් වල කඳුළු පුරෝගෙන ඉදලා ආපහු එක පාරම හිනා වෙන...
මේ මට හුරුපුරුදු මගේ හිත....!!
*********
තරහක් නෑ.....
ඔයා කලේ හරි දේ.
අවසාන පිළිතුර තමයි කාලය අපිට දීපු.....
"ඔබට මා හිමි නැති වග.... මගේ සංසාර නවාතැන ඔබ නොම වග....!!"
වරදවා වටහා ගන්න නම් එපා....මේ ආරම්භයක් නොදුන් යතාර්ථයක් මිස..... ආරම්භයක් දීලා පවත්වන් යන්න බැරි උන ශොකාන්තයක් නම් නෙවෙයි....!! :)
ReplyDeleteහෆ්ෆා...මට නම් කවිකාරිගේ බර වචන තේරෙන්නෙත් නැති තරම්....:D
ReplyDeleteකොහොම වුනත් යාලුවට කලින් ලියපු එකේ ඉතුරු ටික වෙන්න ඕනේ කියලා නම් හිතෙනවා ;) :D
ඒ දේට උනත් අදාළ වෙන්න පුලුවන්.ඒ උනත් මේ මනුස්ස හිත් වල යථා තත්වෙ.නිමක් නැති බලාපොරොත්තු තමයි....!! :D
Deleteමේ වචනත් බර වැඩීද?