Thursday, January 17, 2013

සංවේදිනී


නිදි වරන...
හීන අහුලන...
සිනාසෙන්නට මං සොයන්නී...
නෙතේ කඳුලැල් කොහෙන් ආවද නොදැන කඳුලැල් පද බඳින්නී..
සෙනේකම් කරන්නී...
මා ලඟම ඉන්නී..
තනි නොතනියට උපන් දා සිට සදාදර සිතැත්තී...!



"සංවේදිනී...මගේම ගැහැණු හිත...!

Monday, January 7, 2013

පුරුද්දක් වෙලා දැන් මට...!


දෙනෙත් පෙති රිදෙනමුත්...
සත්තයි තවම මග බලාගෙන මම...
නොවිමසන් මගෙන්...
පුරුද්දක් වෙලා දැන් මට....

වැහි බර අහසේ...තරු කැකුළු යලි පීදෙනකන්..
නෙතු කඳුළු වැස්සේ මග බලා ඉන්නම් මං...
නොවිමසන් මගෙන්...
පුරුද්දක් වෙලා දැන් මට...
නුඹ...

නෙතු පියන් රිදුම් දෙනකන් මග බලාගෙන මම....!

-කවිකාරි-