Sunday, November 18, 2012

මම කවි ලියනවා...!




රෑ අහස කළුවරයි...දෙනෙත සඳ සොයනවා...
ඔබේ නෙතු දුක්බරයි...මට ඒක දැනෙනවා...
මම නුඹට කියනවා කියා මම සිතාගෙන....
දුක නිවනු බැරි නිසා...මම කවි ලියනවා..

දම්පාට මල් කිණිති නිම්නයේ පිපෙනවා....
ඒ මතින් පා තියා දිව යන්න හිතෙනවා...
නුඹේ දුක නොපෙනෙන්න සැඟවෙන්න හිතෙනවා...
නුඹටවත් නොපෙනෙන්න..මමම ඒ කවි කියනවා...!


කවිකාරි <3

Saturday, November 3, 2012

නොම අසන් මගෙන්...!

දෙනෙත් කවුළු හැර පියා...
බලා ඉන්නම් මඟ...
නොම අසන් මගෙන්...
මේ නෙතට එබී බලා...
නුඹ දකී නුඹේ රුව...
වදනින් නොකී මගේ නිම් නැති සෙනේ....!

- කවිකාරි -