Tuesday, July 31, 2012

ලස්සනම කවිය

කවි ලියන්න හිත කිව්වා....
කවි කොහේද නුඹ ඇහුවා....
මතක පොතේ පිටු පෙරළා....
කවි ලියන්න ඉඩ හෙව්වා....

මිහිරි මතක හැමදාමත් හිනා ගෙනා හිත් අහසට....
එදා හිනා මතක් වෙලා අද දුකයිද නුඹේ සිතට....
වෙනස් වෙනා මේ දියතේ...වෙනස නොවෙන දෙයක් ඇත්ද....
හිනා වෙලා බලා ඉන්න...වෙනස ගෙනෙයි සිතට මතක....

මතක පොතේ එක පිටුවක නුඹ ඉන්නවා හිනා වෙලා...
තව පිටුවක් පුරා කඳුළු මට ඇඬේවි මතක් වෙලා...
හෙට දවසේ මගෙ මතක පොතේ පිටු පුරාම...
හිනා වෙවී නුඹ ඉඳීද....හැමදාමත් එක වගේම...

කවි මතකේ එක පිටුවක් නුඹ වෙනුවෙන් වෙන්කරන්න...
කාලය දැන් හරිද කියල නුඹ ඇවිදින් කියා දෙන්න...
මගේ මතක කවි අතරෙ...ලියවුනු ලස්සනම කවිය...
එහෙනම් හෙමිහිට ඇවිදින්..ලඟින් ඉඳන් හිනා වෙන්න....!





***********************
ලස්සනම කවිය මේ වචන ටික දකීවි....
කියවාවි...තේරුම් ගනීවි....
ලඟින් ඉඳන් හිනා වෙන්න පෙරුම් පුරපු කවියක් නේ....
එහෙනම් ඒවි....!

Friday, July 13, 2012

ඔබට...!




හුඟාක් රිදවාගෙන...කඳුළු අරන් දැන් හිතට බරයි වගේ....
ඒ උනත් හිනාවෙනවා මම....
කියන්න තේරෙන්නෑ....
මගේ කඳුළු ගන්න ඔබ ලඟ ලඟම එනවා වගේ දැනෙනවා මට....
හරිම සුන්දර හීනයක්....
ඇහෙනවා මට ඒ පියවර හඬ....
සත්තයි....එන්න විතරයි ඕනා ඔබ....
ඒ පියවර හඬ හඳුනා ගන්න පුළුවන් මට....
ජීවිත නවාතැන්පල...මාව පරිස්සම් කරන් ඉන්නවා එනකම් ඔබ....!


Wednesday, July 11, 2012

අරුමයක්මැයි ජීවිතේ....!

ජීවිතේ කියන්නේ....මවිතයක්...කවිකාරිට හැමදාම හිතුණේ එහෙම....වෙනස් වෙන ලෝකේ...හරි ඉක්මනට වෙනස් වෙන සමහර දේවල් දැකලා එහෙම නොකියම බැරි වුණා.
හ්ම්ම්ම් මේත් මුලපුරන්නේ එහෙම අහන්න දකින්න ලැබුණු මවිතයක්...නැති නම් පුදුමාකාර අත්දැකීමක් ගැන.කවිකාරිගේ ලඟම යාළුවෙකුට වුණ සිදුවීමක් නිසා ඒ හැඟීම තාම එයාටත් වද දෙනවාලු.
කතාවයි වැදගත්...නම් ගම් මනඃකල්පිතයි.

ලස්සනම ලස්සන සමනල් පාසල් වයස නිමවෙලා...සරසවිය එන්න කියලා අත වැනුවා.නෙතූ ඒ මල් පාර දිගේ සරසවි ගියේ හීන ගොඩාක් පොදි බැඳගෙන.එහෙව් හීන අරන් ආපු කොල්ලො කෙල්ලො ගොන්නට වැටිලා නෙතූත් ජීවිතේ හෙව්වා.
නෙතූට හැමදේම පෙනුණේ ලස්සනට....යාළුවෝ...ජීවිතේ මේ හැමදේම නෙතූ හිනාවෙන්මයි වින්ඳේ.
සෙනෙහේ ආරාධනා කොතෙකුත් ආවත් ඒ නිස්කල0ක හිනා ජීවිතේ ඒ ගැන නෙතූ හිතල තිබුනේ නෑ.කොල්ලො කෙල්ලො භේදයක් නැතුව නෙතූ එයාලට සැලකුවා.ල0 වුණා.බාල මහලු කොයි කාටවත් වෙනසක් තිබ්බේ නෑ.තමන්ව විස්වාස කරලා කතා බහ කරන හැම කෙනෙක්ම වෙනුවෙන් පුළුවන් දෙයක් කරන්න නෙතූ ආසා කලා.
නෙතූට තමන්ගේ වයසේ යාළුවෝ වගේම ජෙෂ්ඨ යාළුවොත් ගොඩාක් උන්නා.මේ අතර තිබුණු අරුමැසි කාරණේ තමයි නෙතූ ම්නිස්සුන්ගේ හිත් කියවන්න....ඒ අය වෙනුවෙන් දේවල් කරන්න ආසා කලා වගේම දන්න අය විතරක් නෙවේ නොදන්න අය පවා ඉක්මනට ල0 වෙලා තමන්ගේ හිත් වල තියෙන දේවල් දුක් සතුටු නෙතූ ට කියන අමුතු ආකර්ශනයක් තිබුණා ඈට.
මේ ගතිගුණේ නිසාමද දන්නෑ නෙතූ ල0 වෙන අයව ආදරෙන් ල0 කර ගත්තා.

"පිස්සු කෙල්ලෙක් නේ"....ඔබ කියාවි.
"ඔව් මට පිස්සු...."නෙතූ අද කියනවා.

මෙහෙම ජීවිතේ යනකොට...ඒ හැම චරිතයක් වගේම එක ජේෂ්ඨ මිතුරෙකුත් නෙතූට හුඟාක් ල0 වෙනවා.ඔහුත් ඈට කියන්නේ ඔහුගේ ජීවිත ගැටලුවක්.නෙතූ මිතුරු සෙනෙහෙන් ල0 වෙලා ඔහුට උපකාර කරනවා.මහා ලොකු දෙයක් නෙවේ හිත හැදෙන්න පු0චි වචන ටිකක්.


ඒ වචන වලින් ඔහු සුවපත් වෙලා " ඔයා හොඳ යාළුවෙක් න0ගියෝ..." කියනකොට ඈ අහි0සක සතුටක් වින්ඳා.හැබැයි ඒ කතාවේ නෙතූටත් පොඩි අවුලක් තිබුණා.ඒ තමයි ඒ ජේෂ්ඨ මිතුරා...අපි කියමු....නිර්මාල් ගොඩාක් අනික් අයව සැක කලා.ජීවිතේ එයාට දීපු දුක් නිසා වෙන්න ඇති කියලා නෙතූ ඒක ගනන් නොගෙන ඉන්න උත්සහ කලා.ඒ අතර මේ මිතුරු කම නිසා නෙතූව විස්වාස කරලා කියන කිසිම දෙයක් වෙන කාටවත් කියන්න එපා කියල ඔහු නෙතූගෙන් ඉල්ලීමක් කලා.

එහි සැඟවුණු ගැටලුවක් තිබුණා.ඒ තමයි නිර්මාල්ගේ ලඟම මිතුරෙක් මේ සිදුවීම වෙන්න කාලයකට කලින් නෙතූට සෙනේ යෝජනාවක් කරලයි තිබුණේ.නමුත් නෙතූට ඒ ගැන සිතිවිල්ලක් නැති නිසා දෙන්න කතා බහ කරල එක්කඟතාවකට ඇවිත් වුන්නේ යාළුවෝ වගේ වෙනසක් නැතිව ඉන්න.
මේ සිදුවීම වෙනකොටත් නිර්මාල් නෙතූගේ මිතුරෙක්.නිර්මාල් හොඳින්ම දැනගෙන උන්නා.....යාළුවගේ යෝජනාව ගැන සහ එහි අවසානය ගැන.

නෙතූ අමාරු අවස්ථාවකට පත් වුනේ...නිර්මාල් හදිස්සියේ කල ඉල්ලීමක් විටයි.ඒ තමයි තමා නෙතූ එක්ක කතාබහ කරන බව...තමන් ඈට කියන දේවල් තම මිතුරාට දැනගන්නට ඉඩ නොතබන ලෙසයි.

නෙතූගේ හොඳම මිතුරි වුනේ කවිකාරි....නෙතූ කවිකාරිට මේ ගැන කිව්වා.

"යාළුවෝ අතර ප්‍රශ්න ඇති වෙන නිසා වෙන්න ඇති නෙතූ..එහෙනම් අපි ඔහොම එයාට උදව් කරමු."කවිකාරිත් නෙතූ එක්ක කතා වුනා...
කාලය ගෙවී ගියා....හැබැයි කාලය එක්ක දේවල් ගොඩාක් වෙනස් වේගන එන බව නෙතූට හැඟුනා.නිර්මාල් ඉතාම වේගයෙන් තමන්ට ල0 වෙන්න උත්සහකරන බව නෙතූට දැනුණා.

"කවිකාරි.....මේ මොකක්ද මේ වෙන්නේ....නිර්මාල් ගොඩාක් වෙනස් වේගෙන එනවා.මට නම් දැන් අමුතුයි වගේ..."
"එයා හොඳ නිස්කලන්ක ළමයෙක් තමයි.ඒ වුනාට එයාගෙ ගොඩාක් දෙවල් තේරුම් ගන්න බෑ වගේ නේද..."නෙතූ එක්ක කවිකාරිත් කතා වුණා.

"හ්ම්ම්ම් දැන් බලන්න එපයි මේ වෙන්නේ මොනාද කියලා..අපි පොඩ්ඩ්ක් හොයලා බලමු නිර්මාල් ගැන.."කවිකාරි වැඩේට බැස්සා.නිර්මාල්ගෙත් ලඟම ඒ වගේම කවිකාරි ගෙත් ලඟම මිතුරෙකුගෙන් කවිකාරි උපක්‍රමශීලිව නිර්ල්මාල් ගැන විමසුවා....

හැමදේම වෙනස් වුනේ එතනින්.....

"කොල්ල මාරම බ්‍රයිටෙක්...වැඩිය සද්ද බද්ද නෑ නේ...ඒ වුනාට හෙන අවුල් ගොඩායි න0ගි...මෑන් කාඑක්කවත් කතාවක් නෑ...ඔහේ ඉන්නවා.කාත් කවුරුත් නැතිවේ කියලා අපි ගැට්ටට ගත්තා.ඒ උනාට මේ ලඟදි ඉඳන් හෙන කේස්....කෙල්ලො සීන්....කොල්ලා කෙල්ලොන්ට වද කර කර නම්බර්ස් හෙම ඉල්ලලා කතා කරලා දුක කියලා හෙන විකාර කරනවලු.ඔයා මගෙ බොක්ක හින්ද මම මේවා කිව්වේ.දැන් පේන හැටියට නම් අප්පා මූට සයිකො සීන් එකක් වගේ පේන්නේ...."

කවිකාරිගේ ඔළුව රත් වුනා."අනේ දෙවියනේ....නිර්මාල්....මේ අර ලස්සනට ඉන්න කොල්ලා....!"

"ඔව් බ0 ඌ තමයි....අපිට පවා හිතා ගන්න බෑ....බලපන් ඌ ඉන්න හැටි....අපිට ඒවා ආර0චි වෙලා ඒවා සෙට්ල් කලේ අපි නිසා අපි දන්නවා හොඳට.කාටවත් කියන්න හෙම එපා බන්...අපිත් ඉන්නේ කරගන්න දෙයක් නැතුව.ඌට විහිලුවක් කලත් අපිව එපා වෙනවා....."

ඉහමොලෙන් තරු පිට වෙනකොට කවිකාරි නෙතූව අමතලා සිදුවිම ඈට කිව්වා.තාම මතකයි පපුව ගැහුණු හැටි.ඒ වෙලේ නෙතූගෙ ඇස් කඳුළු වලින් පිරුණා.

"කවී..නිර්ල්මාල්.....???" එයාට අහගන්න පුලුවන් වුනේ එච්චරයි.
"ඔව්ලු නෙතූ....එහෙමලු දැන් ඔයා දන්න ඒවත් එක්ක ඒක එහෙම වෙන්න පුළුවන් කියලා කිව්වැකි නේ අපිට...!"

"අනේ කොහොම අදහගන්නද කවී....මේ හොඳට කතා කරන ඉගෙන ගන්න කොල්ලා....!" නෙතූ මිතුරු බැඳීම වෙනුවෙන් කඳුළු සැළුවා.


"දැන් කරන්න දෙයක් නෑ නෙතූ අපි මේක ගැන සාලියටයි....දසුන්ටයි කියමු.ඒ දෙන්නා තමයි දන්නේ ඊලඟට වෙන දේ...."

අවසන කරගන්නට දෙයක් නොමැතිව නෙතූ කවිකාරි එක්ක අනික් මිතුරෝ දෙන්නාට කතාව කිව්වා.ඒ දෙන්න කලබල වුනේ ඊට වඩා සිය දහස් ගුණේකින්.

"යකෝ බලහන්කො මූ මෙච්චර එකට හිටපු මට මෙහෙම කලානේ....!" සාලියට ඇඬුනා.
නෙතූ නිර්මාල් ට ආදරේ කලාද කියලා....නෙතූ ට නිමක් නැති පැන නැගුණා.
"ඕක තමා ගොඩාක් අයට වෙලා තියෙන්නේ...ඒ කියන්නේ මූට හෙනම හෙන මෙන්ටල් ඉසු එකක් තියෙනවා...."
මහා ලොකු වාද විවාද මැද තමන් සඟවාගත් රහසේ බරපතලකලම එක්ක
එහෙම කියන්න සාධක ගොඩකුත් අපි හොයා ගත්තා....
අවසන තමන්ට පැනය නැගුණු තැන නිර්මාල් වියරු වුනා.අපි කා සමගත් කතාව ප්‍රත්ක්ෂේප කලා.....
නෙතූ නිහඬවම පසෙකට වුනා....
යාළුවාට වුනු දේ නිසා...ඈ වුන්නේ දරා ගන්න බෑරි කම්පාවෙන්....
සාලියයි දසුනුයි තමන්ගේ සිත හදා ගත්තම යළි නෙතූට කතා කලා....

"දැන් කරන්නේ මොනවද....??
අපි මූට කියන්නද උඹට මෙන්ටල් කියලා....
ගෙදර අය පිලි ගනීද මෙයා ගැන එහෙම එකක් කිව්වට...."

අපි හැමොම පැනයක හිර වුනා.....
තාමත් ඒ පැනේට පිළිතුරු නෑ......

"ඔයා මෙහෙම වුණු 6 වෙනි කතාවලු නෙතූ.....
තව මෙහෙම ගියොත් නම්...."



"එයා සියදිවි නසා ගනීද දන්නෙත් නෑ...." නෙතූට කියවුනා....
"මට එහෙම දැනෙනවා....එහෙම වුනොත් නම් මටත් කවදාවත් සැනසීමක් ලැබෙන ඒකක් නෑ....."

"සාලි අය්යේ..ඔයාලා බලන්න..යාළුවා වෙනුවෙන් දෙයක් කරන්න...එහෙම කරන දාක මට කියන්න...මම ඒ වෙනුවෙන් මට පුළුවන් දෙයක් කරන්නම්....." නෙතූ කිව්වා.

"වෙන මක් කරන්නද මම....එක මොහොමතක් හරි මම සතුටු උනා එයා හිත හැදුනා න0ගි කිව්වම....." නෙතූ එහෙමයි අන්තිමට කිව්වේ.

මට හිතා ගන්න පුළුවන්....කොයිතරම් නෑ කිව්වත් යාළුකම කියන්නේත් එක්තරා විදියක ආදරයක්...ඒ වෙන්වෙන් හිත හුඟාක් තැවෙනවා...
මට පවා මේතරම් දැනෙනේවා නම්....ඈට ඒක කොයිතරම් නම් දැනෙනවා ඇත්ද....??
හ්ම්ම්...ජීවිතේ කොයිතරම් නම් අමුතුද කවිකාරිට සිතුණා.
නෙතූ කල්පනාකාරී කෙල්ලෙක්.එහෙම නොවුනා නම් අද තමාට මිතුරු ගැටලුවක් නොව...උමතුවට පත් සිය මිතුරිගේ ප්‍රේම කතාව විසදන්න වෙන්න තිබුනා නොවේද.....??


සිත ලොමුදැහැ ගැන්වූ ඒ සිතුවිල්ලත් එක්ක කවිකාරි පැතුම්ක් එකතු කලා...
අපිට නොපෙනෙන ස්වභාවධර්මයේ ලොකු බලයක් තියෙනවා.....මේ කන්නල්ව්ව ඒ බලයට....

"මගේ සෙනේ මිතූරී බේර දුන්නාට ගොඩාක් පින් ....ඒ වගේම ඒ දුකට වැටුණු කොල්ලාටත් ඉක්මන් සුවය ලැබේවා.....! "

Tuesday, July 3, 2012

වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද...දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත...!.

හුඟකාලෙක ඉඳන් අකුරු කරන්න ඕනා කියලා හිතේ පැලපදියම් වෙලා තිබුණු සිතළුවක්...පහුගිය ටිකේ අහපු දැකපු අත්විඳපු සිදුවීම් නිසා පණ පොවන්න ඕනා කියල සිතුණා.ඒ සිතිවිල්ලට හුඟක්ම පණ වැටුණේ පහුගිය දවසක "තරුණි" කාන්තා පුවත්පතේ දැකපු ලිපියක් නිසා.හරියටම දිනවකවානු මතක නැතිවුනත් එහි තිබුණු අර්ථයට දෑස් වල කඳුළුත් නැගුණා මතකයි මට.

"දියණිගේ ආරක්ෂාව ගැන සිතන්නට කාලයයි මේ..." යන තේමාවෙන් එහි, සැඳෑ සමයේ කොළඹ ඉඳන් නිවස බලා රැකියාව අහවර වී ගෙදර යන මහත්මයෙක් තමන්ට පු0චි ගැහැණු දරුවකු පිළිබඳ මුහුණ දෙන්නට වූ අත්දැකීමක් අපූරුවට විස්තර කරලා තිබුණා.
කොළඹ කොටුව දුම්'රිය පොළ අසලින් සවස 6ට පමණ බසයට නැග්ග පාසල් ඇඳුමින් සැරසුණු පු0චි දැරිවියක් තමන් ලඟ ඉඳගන්න සැටිත් ...වැඩිදුර නොයාම ඒ පු0චි කෙළිපැටික්කි නිදිකිරා වැටී තම ඇකයට වැටුණු සැටිත් ඔහු විස්තර කරලා තිබුණා.
තම ගෙදර හුන් දියණිය සිහිවන ඒ දයාබර පියා ඒ මොහොතේ ඈට රැකවරණ දෙන අයුරු කියවන විට මගේ නෙත් සත්තයි බොඳ වුණා.නිදි අහවර වී ඇස් අරින ඈ කලබල වී සමව අයදින විට ඔහු මුවින් ගිලිහුණු වදන් ඒ පිටු අතර ලියවී තිබූ හැටි තාම මතකයි මට.

" නෑ දුවේ..ඒකට කමක් නෑ...
මටත් ඉන්නවා ඔයාගේ වයසෙම දුවෙක්...."

ඔහු ඇගේ හිස අතගා ඈට පවසා තිබුණා.

මේ ලිපිය කියවා අවසාන වනවිට ඒ දැනුණු හැඟීම් සියල්ල එක්ක මට සිහිවුණේ මගේ තාත්තාව.
සැම ගැහැණු දරුවෙකුම තමන්ගේ දුව වගේ දකින්න පුලුවන් දකින ඒ වගේ පියවරු මටත් අනන්ත අප්‍රමාණ මුණගැහිලා තියෙනවා ජීවිතේ.

පොඩ්ඩක් අහන්න....,

පහුගිය දවසක...තලලා විනාශ කරලා දියවලක දමා ගොස් සිටි සත්වියැති මල් කැකුළ....
අනේ අර බස් රියේ පු0චි දැරිවිත් ඒ මහත්මා ගුණ ඇති පිය ඇකයට නොවැටී ...එහෙව් සල්ලාල ඇකයකට වැටුණා නම්....අද මේ ලිපිය වෙනුවට..කඳුළු කතාවක් තවත් අහන්න වෙන්න තිබුණා අපට.

"හ්ම්ම්ම්...." හුස්මක් වා තලයට එකතු වුණා.

තිරිසන් සත්තු වගේ....ඇයි අම්මේ මිනිස්සු..." කැම්පස් ඉඳන් ගෙදර එන ගොඩාක් දවස් වල එහෙම කෑ ගහගෙන එන්න වුණු දවස් ගොඩාක් තිබුණා.

ගෑණු උදවිය පෙරලාගෙන බස් රියට...දුම්'රියට නගින පිරිමි.....,
අතපය සතර ස0වර නැති අපේම ඈයෝ...
අඬන්න බැරි නිසා කෑ ගහලා බනින්න බැරි නිසා..නිහඬ පියවර අරන් ගෙදර ඇවිත් එහෙම තරහා දුක පිටකරපු දවස් අනන්තයි.

"මේ අවුරුදු 4 ඉවර වෙන්න කළින් මම එකෙකුට කණ රත්වෙන්න දෙනවා...." දවසක් මම ගෙදර ඇවිත් කෑ ගැහුවා මතකයි.

තරහා වෙන්න එපා මා එක්ක.....
ම0 දන්නවා ඔබ දැන් දුකින් හිතනවා ඇති....
"ඔව් හැමෝම එහෙම නෑ.....!"

එහෙව් අමාරු වෙලාවල අපි දිහා පිය සෙනෙහසින්...සොයුරු පෙමින් බලාපු අනන්ත අප්‍රමාණ සිත් ඇත්තෝ මටත් මුණ ගැහිලා තියෙනවා.

එකපාරක් එහෙම තිරිසන් ගුණ ඇති මිනිසෙකු නිසා අපහසුතාවට පත්වෙලා දුම්'රියේ... කරකියාගන්න දෙයක් නැතිව අසරණ වුණු වෙලාවක මාවත් මිතුරිවත්....අඬ ගහලා සිය සෙවණට ගත්ත තාත්තා කෙනෙක්ව මට සිහිවුණා....
ඒ විතරක් නෙවෙයි....

"න0ගියෝ අවුලක්ද...??"

එහෙම අහලා උදව්වාට ආපු සොයුරොත් අපමණයි.

මගේ සරසවි මිතුරෝ පවා මට එහෙව් සෙනේ මතක ගොන්නක්...!

සත්තයි ආයෙත් ඇස් කඳුළු අරන්....
දුකට නෙවේ සතුටට....

හැම ගැහැණියකම දිහා.....එක කෝණයකින් හරි....
තමන්ගේ අම්මා...සොයුරි...සෙනේ පෙම්වතී..වගේ දකින්න පුළුවන් උතුම් මිනිස්සුත් අපි අතර ඉන්නවා....
දුක් වේදනා කඳුළු අතරින් මතුවුණේ අන්න ඒ සතුටු කඳුළු.

"කවිකාරී ඇයි හැමදාම ආදරේ ගැනම ලියන්නේ....??" එහෙම අහපු උන්නා මගෙන්
ඒකටත් හේතුවක් තියනවා...

කුරිරුකම්..කටුකකම්..අපරාධ...දුර්ගුණ..මේ හැම එකම පෙන්නා දීලා කවිකම්...අකුරු කරන අපේම පින්බර කලාකාර පිරිස අතර ම0 හිතුවා වෙනස් පාරක යන්න.

ඒ දුක් කටුකකම් රිදවන සිතට..සතුටක් සැනසීමක් දෙන්න....
උතුම් මිනිස් ගුණ ගැන දැකලා හිනා වෙන්න පුළුවන් මිනිස් ගුණ ගැන ලියන්නමයි කවිහිත බල කළේ....

කවිකාරි ඉපදුනේ එහෙම....

මේ වන සිවුපාවුන් අතර දෙවි දේවතාවුන්ද ඉන්නවා....
දැස් ඇරලා බලන්න....හරීම අඩුයි....
ඒ වුනත්..අඳුරු මුහුණු අස්සෙන් දිළිහෙන ඒ දේවතා එළි පෙනේවි ඔබට....

ඉඳින්...මේ පින්බර ඇසළ පොහෝ දවසේ..දෑත් එක්කාසු කරලා පින් අනුමෝදන් කරන්නම් ඔබට....

"පියාණෙනි...සොයුරාණෙනි...මේ හැම වදනක්ම...අකුරක්ම...ඔබට උපහාරයක්ම වේවා...!"

Sunday, July 1, 2012

හිනැහෙන්නේ හිත හීනෙන්දෝ (3)

හිනැහෙන්න ම0 සෙවූ ඈට හිතුවාටටත් වඩා ප්‍රතිචාර ලැබිනි.ඔහු විත් ඇගේ ජීවිතය වෙනස් කරාවිදැයි ඔබ මගෙන් ඇසූහ.පොත් පිටු පුරා කතා කොයිතරම් නම් ලිව්වද...
නර්මදා..මළිඳු හා අනුහස් මා ඔබට දුන් පළමු තිළියයි.ඉඳින් මේසේ ඔවුන්ගේ ජීවිතය ලියා නිමකරන්නට අවසරයි.

ඔබේ සෙනෙහසට....මහා හුඟාක් ආදරේ වග කියමි.යළිද එමි.ඔබද මා හා එන වග දනිමි.


****හිනැහෙන්නේ හිත හීනෙන්දෝ****
අවසාන දිගහැරුම

"ඔයා ඉන්නේ පැටලිලා නේද....?...මම දැනගෙන හිටිය ඔයා මම කියපු දේ තේරුම් ගනීවි කියලා...." ඔහු කීවේ මූද දෙසට නෙතු යොමු කරමිනි.මම මොහොතක් ඔහු දෙස බලා හුන්නෙමි.
අනුහස් දීප බණ්ඩාර......ඔබ මගේ ජීවිතයට විත් ඇති කල ගැටලුව දැන් ඔබම ලිහාදිය යුතුය.

"අනුහස් අය්යේ....,මට කියන්න මොකක්ද මේ කියලා.....?
ඒත් ඒ කීවේ මම ගැන නම්....ඔයා..ඔයා කොහොමද ඒ දේවල් දන්නේ....?"

මගේ බිඳෙන වදන් එදා මෙන් වූයේ නැත.එනම්දු....ඕනෑවටට් වඩා හැඟුම්බර විය.ඔහු හෙලූ සුසුම් හඬ මට ඇසිණි.

"ඒක දිග කතාවක් නර්මදා....," ඔහු මවෙතට හැරුනේය.
"හරියටම කියනවා නම් අවුරුදු 10 ක් දිගයි...."


ඉහලට ගත් හුස්ම පහල හෙලන්නට අමතක වූ සෙයක් මට දැනිණි.

"කමක් නෑ කියන්න....ඒක කොයිතරම් දිග උනත් අහගෙන ඉන්නම් මම..."

ඔහු හිනැහුනේය.සත්තටම අඬන්නට බැරිකමට හිනැහුනා සේ මට දැනිණි.

මේ කතාව ඉවර වෙනතුරුම අසන්නට මට ඕනෑය.හිතට දැනෙන මේ අමුත්ත වටහා ගන්නට අවැසිය.මම ඈත පෙනෙන උණ ගස් සෙවණක් පෙන්වීමි.
"අර අතනට යමු..."

ඔහු නිහඬව මා හා ආවේය.අපි වැලිතලාව මත ඇණ තියා ගතිමු.නිහඬ බව මොහොතකට රැඳුණි.ඔහු සූදානම් වන තෙක් මම බල හුන්නෙමි.ඒ හිතේ මහා කැළඹිල්ලක්.....මට දැනේ....!

"මම කියන්නම්...ඒත් ඔයා හිතට එකඟව අහන්න..." ඔහු මිමිණුවේය.

මම ඒ මුහුණ දෙස බැලීමි.ඔහු යළි තෙත නෙතු සඟවනු වස් දෝ මුහුද දෙසට නෙත් යොමු කලේය.
මගේ ළය රිදුනේය.
මේ අමුතු කොල්ලා දෙවියනි ඔබ කොහේ සිට එව්වේද....!

"1998 අවුරුද්ද..ඒ අවුරුද්දේ තමයි මම A/L කළේ.කොහොමහරි හොඳට A/L කරලා ඉ0ජිනියර් කෙනෙක් වෙන හීනේ මගෙ හිතේ ලොකුවටම තිබුණා.ඒ වගෙම මගෙ අඹ යාළුවාටත්. ඔහු කතාව නවතා බලා හුන්නේය.

"අපි දෙන්නා class ගියේ එකට...පාඩම් කලේ හැමදේම එකට.කන්න බොන්න උනත් අපිට ගෙවල් දෙකේ වෙනසක් තිබ්බේ නෑ.කොටින්ම අපි අතර ඒ තරම් ලඟ බැඳීමක් තිබ්බේ."

ඔහු හයියෙන් හුස්මක් ගත්තේය.

"දවසක් ඌ මාව හොයාගෙන ආවා එයාගෙ නැන්දගෙ දුවගෙ වෙඩින් එකට යන්න.විශේෂ අව්ස්ථාවක් වුනොත් මාව මතක් වෙන ගතියක් තිබ්බා ඌට.
එදා ඒ වෙඩින් එකට ගියහම......" ඔහු යළි නැවතුවේය.

"මම දැක්කා පු0චි සුර0ගනාවියක්.ලස්සන සුදු පාට සල්වාර් එකක් ඇඳලා රතු පාට ශෝල් එකක් දාලා උන්නු සුර0ගනාවියක්.ඕන්නම් එතකොට එයාට අවුරුදු 18 ක් විතර වෙන්න ඇති.

එයා තමයි තව කෙල්ලක් එක්ක වෙඩින් කෙක් සර්ව් කලේ....
මගේ අඹයාට මා එක්ක ගියාට මා එක්ක ඉන්නවට වඩා එහෙ මෙහෙ දුවන්න උනා.මම පැත්තකට වෙලා දවසම අර සුර0ගනාවි දිහා බලාන උන්නා...."



"ඒ කෙල්ල පෙනුමින් වගේම හිතෙනුත් සුර0ගනාවියක් කියලා මට තේරුම් ගියා." ඔහු සිහිනයෙන් වගේ කියාගෙන ගියේය.

"කෙල්ල එයාගෙ තාත්තට බොන්න දුන්නෙම නෑ.

එතකොට අම්මගෙන් බත් පාර්සලයක් ඉල්ලන හැටි මම අහගෙන හිටියා.ඒ කාටද දන්නවද....එහා පැත්තේ ගෙදර උන්නු බඩ දරු අම්මටයි දරුවො දෙන්නටයි.

"ඕ වගේ එදා මගෙ මුලු දවසම මම දැක්කේ එයාව විතරයි.අන්තිමට කන්න පවා මතක් උනේ යාලුවා ඇවිල්ලා මාව ඇදගෙන ගියාමයි.
"මම වෙඩින් එක ඉවර වෙලා ආයේ ගෙදර ආවේ මම එහෙ ගිය විදියටම නෙවේ...." ඔහු මිමිණුවේය.

"මම පරිස්සමට තියා ගත්තු මගේ හිත නැති කරගෙන....."

මගේ ජීවිතේ මම ගොඩාක් ගෑනු මයි දැනගෙන හිටියා.ඒත් මට එහෙම දැනිලා තිබුනේ නෑ.ඒ කාවවත් එයාව වගේ හීනෙන් පෙනුණේ නෑ.රීට පස්සේ දවස් ගානක්ම මට එයාව බස් එකේදි මුණගැහුනා.දැකලා හුරු නිසා වෙන්න ඇති යන්තමට මා එක්ක හිනා උනා..." ඔහු කියාගෙන ගියේය.


"මේ හැමදේම මම මගේ අඹයට හැ0ඟුවා.මම එහෙම කලේ මට දැනෙන දේ මම හරියටම තහවුරු කර ගන්නකම්.දවසක් මම උගේ ගෙදර ගියේ මේ හැමදේම ඌට මුල ඉඳලා කියන්න හිතාගෙන..."

"මම එහෙ යනකොට මිදුලේ වාහනයක් නවත්වලා තිබුනා.මාව දැක්ක ගමන් ඌ මාව ඇදගෙන ගේ ඇතුලට ගියා.

"වරෙන් වරෙන්...උඹව මතක් උනා විතරයි මට.මට පෙන්නන්න දෙයක් තියෙනව උඹට."

මගේ යාලුවගෙ ඇඟ පුරාම දුවපු සතුට මට දැනුණා.මාව කොරිඩෝව දිගේ සාලයේ දොර ලඟට ඇදන් ගිය යාලුවා මට අත දික්කරලා කෙනෙක්ව පෙන්නුවා.මට පිටුපාල ඉඳගෙන ඉඳපු නිසා මම හරියට දැක්කේ නෑ.

""සොරි මච0.., ම0 ම0 උඹට කලින් නොකිව්වට.ඒ ඒ තමයි මගෙ හිත නතර වුනු තැන."

ඌ කිව්වේ වරදක් කල පොඩි එකෙක් වගේ.ම්0 ඒ කොණ්ඩෙන් ඇද්දා.ඌට බොරුවට බැන්නා.මට වගේම ඌටත් ආදරයක් දැනිලා කියල මට හිතුනා..." අනුහස් නෙත් පිසදා ගත්තේය.

"ඒත් ඊලඟට උනේ නොසිතපු දෙයක්..." ඒ කෙල්ල හදිස්සියේම හැරුණා.මගෙ යාලුවාව දැකපු ගමන් සතුටින් අත වැනුවා.ඒත් මගේ කකුල් පණ නැති උනා.පපුව රිදුණා."

ඒ වෙන කවුරුත් නෙවේ..අර මගෙ හීන වල ඉඳපු සුර0ගනාවි...! " ඒ වදන් මට ඇසුනේ සිහිනයෙන් වාගේය.ඉඳින් දෑස් ඉරාගෙන කඳුලු කැට ගලා හැලෙන්නට විය.


"මගේ අඹයා මේ මොකවත් දැනාගෙන උන්නේ නෑ.ඌ ඒ කෙල්ලට හුඟාක් කැමති වෙලා හිටියේ.ඒ දෙන්නා පු0චි කාලේ ඉඳන් දැනගෙන ඉඳලා තිබ්බා...
ඉතින් මම beach එක පුරා දවස් ගණන් ඇවිදලා හිත තුනී කර ගත්තා.මගෙ පණ වගේ යාලුවා වෙනුවෙන්...උගේ සතුට වෙනුවෙන්....!"

"ඊට පස්සේ ඒ අහි0සකයා මට කරන්නම අමාරු වැඩක් කරන්න මට බල කලා.ඒ හිතේ තිබ්බ ආදරේ අකුරු කරන්න වචන ඉල්ලුවේ ඌ මගෙන්...ඊට පස්සේ එයාගෙ ආදරේ වෙනුවෙන් ලියවුණු හැම අකුරක්ම...කවියක්ම...ලියුමක්ම ලියවුනේ මගේ අතින්..." ඔහු සුසුමක් හෙලුවේය.

"ඒ හැම එකකම මගෙ හිත තියෙන්න ඇති..සමහරවිට..."

"අන්තිමට පු0චි සුර0ගනාවි මගේ අඹයට අයිති වුනා.ඒ අවුරුද්දෙමයි අපි A/L කලේ.

මගෙ හිත හදා ගන්න බැරිතරමට ලෙඩ වෙලා තිබුනේ.අන්තිමට මම කැම්පස් යන්න points ගාණක් මදි කර ගත්තා.මගෙ අඹයා කැම්පස් ගියා.මට බැන්නා.ඇඬුවේ මම නෙවේ..ඌ.මගෙ හිත හැදුවා.

ටික කාලයක් මම එහෙමම උන්නා.මම කවදාවත් ඒ කෙල්ලට පේන්න ගියේ නෑ.අන්තිමට මම තීරණය කලා තාත්තගෙ කීම අහලා England යන්න.මම එහෙ university එකකට ගියා.මගෙ හිත හදා ගන්න ඕනා උනා මට.


ඔහු කතාව නැවැත් වීය.

"ජීවිතේ සමහර දේවල් අපි ස0සාරේ පුරා අරගෙන එන දේවල් වෙන්න ඇති.මම හිත හදාගෙන එහෙ හොඳට හිටියත් හිතේ කොනක පු0චි තැලමක් තිබ්බා.එහෙදි මට ල0කාවේ වගේම එහේ girls ලත් ගොඩාක් මුණගැහුණා.ඒත් මට තේරුම් ගියා වෙච්ච දෛවයේ සරදම නිසා මම වෙන කාටවත්ම ආදරය නොකරන බව.




අවුරුදු 5ක් ම එහේ studies කරලා තවත් අවුරුදු ගාණක් මම එහෙම හිටියා.මට ගෙදර අය මතක් උනත් මට ආයේ එන්න හිතුනෙම නෑ.ඒ මුලු කාලෙම මගෙ යාලුව මට call කලා.ලියුම් එව්වා.ඌව මතක් වෙලා මම අඬලත් තියෙන්වා.

"දවසක් මට කෝල් කලාම ඌ මහා අමුතු කතා ගොඩාක් කිව්වා.පස්සේ දවසක දිග ලියුමක් ලැබුනා මට එයාගෙන්.ඒ ලියුම කියෝලා ඉවසගෙන ඉන්න මට පුල්වන් කමක් තිබ්බේ නෑ නර්මදා,...මගේ අඹයා මගේ ගෙදර ගිය දවසක මගේ පරණ ඩයරිය හොයාගෙන කියෝලා තිබුණා.ඒකේ ලියවෙච්ච හැමදෙයක්ම මගේ මුලු කතාවම ඌ දැනගෙන තිබුනා.

ම0 ආදරේ එයාට විතරයි කියලා එයා දැනගෙන තිබුනා.බැනල තිබුනා ඌ මහා කැත විදියට මට.ඒ තරහින් නෙවේ වේදනාවෙන්.ඒ ආදරේ පොඩ්ඩක්වත් වටින් නෑ කියලා තිබ්බා මගේ ආදරේ ලඟදි.කොල්ලගෙ කඳුලු පවා ඒ කොලේ තිබ්බා.

එදා රෑ ම0 ඌට call කලා.ඌ මට කිව්වේ ල0කාවට වරෙන් කියලා විතරයි.මම සුමානයක්ම කල්පනා කලා.ල0කාවට එන්න තීරණය කලේ මම ඊට පස්සේ.
ම්0 එන්න කලින් දවසේ call එකක් ආවා.මගෙ ජීවිතේ මම ලබපු ලොකුම shock එක." අනුහස් හිස දෙදණ මත ගසා ගත්තේය.

"අම්මා එන්න කිව්වා මට ඉක්මනට ල0කාවට..මගෙ අඹයා....ඌ මැරිලා ඉන්න හැටි බලන්න." ඔහුගේ උරහිස් සෙලවෙන්නට විය.මම බොඳව ගිය නෙතු තුලින් දුටිමි.

"ඌට cancer එකක් තිබිලා තිබුනා.ඒත් මම දුක් වෙයි කියලා කවදාවත් ඒක මට කිව්වේ නෑ.අන්තිමට මට එන්න කියලා සදහටම යන්න ගිහින් තිබුනා."

අනුහස් සිය රතු වූ මුහුණ මවෙතට හැරවීය.

මම ඇස් කැපි කැපී ගලන කඳුලු වලට ඔහේ යන්නට ඉඩලීමි.

"ඉතින් අන්තිම ටිකත් අහන්න න0ගියෝ...." ඔහු මිමිණීය.

"ඒ කොල්ලා තමයි...මළිඳු...
එතකොට ඒ කෙල්ල තමයි...ඔයා....! "


මට ඉකිගැසිණි.මම මුහුණ වසාගෙන ඉකිලමින් හැඩුවෙමි.සාය කඳුලින් පෙඟෙන තුරු හැඬුවෙමි.පපුව පිහියකින් ඉරා දැම්මා සේ වේදනා දැනිණි.අඬා ගන්නට පණ නැතිව මා වෙව්ලන කල ඔහු මා අල්වා ගත්තේය.මම ඒ උර තලයට බර දී වෙව්ලන්නට වීමි.

"මට සමා වෙන්න න0ගි..ම0 මේ කල දේට..ඔයාට දරා ගන්න බැරි දුකක් දුන්නේ මම..ඒත් මම මේ හැමදේම කලේ මළිඳුගේ අන්තිම ඉල්ලීම නිසා.එයා නැති වෙන්න ඉස්සර ලියලා ගිහින් තිබුනා මට.එයා ඉල්ලලා තිබුනා මට ඔයාව හොඳට බලා ගන්න කියලා...."

මම යළිත් හැඬුවෙමි.මළිඳු අයියාවද සිහිවිනි.මා අබියස ඉන්නා ඔහුගේ පණසරි මිතුරා ඊටත් වඩා මා සිත පෑරීය.අවසන ඒ පපුවට වැටී මම හැඬුවෙමි.

ඔහු අපව ගෙදර ඇරලා ආපසු ගියේය.මම රතු වූ මුහුණ ගෙදරට සඟවාගෙන කාමරයට වැදුනෙමි.මේ සියල්ල මධූ දැන උන්නාය.මගේ හැසිරීමත් අමුතු කතාවත් පසුපස ඈද සැඟව ඉඳ තිබිනි.අවසන මධූත් මමත් එකට වැටී හැඬුවෙමු.මම දින ගණනක් පුරාම කල්පනා කලෙමි.යථාර්තයට මුහුන දිය යුතුය.

මම තනිව අනුහස් සොයා ගියෙමි.ඒ මුහුදු වෙරළේම අපි යළි හමුවිමු.ඔහු මදෙස බලා උන්නේය.ඒ ඇස් පිළිතුරක් ඉල්ලුවේය.

"ඔයා කැමති තීරණයක් ගන්න නර්මදා.....ම0 ඒ ඕනාම දේකට එකඟයි" ඔහු ස්ථීර හඬින් කීය.මම ඒ මුහුණ දෙස බලා උන්නෙමි.

"ම0...ම0 කැමතියි ඔයාව බඳින්න..." ඔහු තිගැස්සුණේය.මගෙ වදන් අභිමුව ගල් ගැසී බලා උන්නේය.

"බය වෙන්න එපා.මම ගොඩාක් හිතුවා.මළිඳු අයියා මාව ගොඩාක් හොඳට බලා ගත්තා.අපි අතර ලොකු යාලු කමක්..විවෘතකමක් තිබ්බා.ඇත්තටම ඒක ආදරේට වඩා වෙනස්.එයාට cancer එකක් කියලා දැනගත්තම එයා මාව බඳින්න බෑ කිව්වා.මට හිත හදා ගන්න අවුරුදු 5 කින් වත් බැරි වුනා....
"ඒත්..ඒත් අයියේ....එයා ගොඩාක් හොඳ කෙනෙක්...හොඳ මනුස්සයෙක්...! මම කඳුලු පිස දා ගතිමි.

"ම0 එයාට කැමති වුනේ ඒ අදහස් වලට.ඒ සිතිවිලි වලට.ඒ හැම ලියුමකම..කවියකම ඒ දේ තිබ්බා.ඒත්..ඒත්...ම0 ඒ කැමතියි වුනේ ..ආදරේ කරලා තියෙන්නේ.....එයාගෙ අදහස් වලට නෙවේ නේද....ඔයාගේ අදහස් වලට නේද....! මම යළි හඬා වැටුනෙමි.ඔහු මහිස අත ගෑවේය.



"නර්මදා..."

"අනේ එතකොට ම0 ආදරේ කරලා තියෙන්නේ ඔයාටද අයියේ....??" මම ඉකිලීමි.

"සමාවෙන්න මට.." ඔහු මිමිණීය..."ජීවිතේ ඒ හැමදේම ඉවරයි.දැන් ආපහු පටන් ගන්න වෙනවා ජීවිතේ

"ඔයා ඒ දේ කරන්න ඕනා...මම එන්නම් ඔයා ලඟින්ම ඒ ගමන යන්න තනියට මගෙ අඹයා වෙනුවෙන්...." මම හිස ඔසවා ඔහු දෙස බැලීමි.

"ඒ වගේම මගේ...ප්‍රථම සහ අවසාන ආදරය වෙනුවෙන්....!"


මම ඒ ළය මඬල මත හිස හොව ගතිමි.ඒ ළය ආදරයෙන් ගැහෙන හඬ මට දැනුනි.

අනුහස් දීප...ඔහු මා දෑත සවි කොට අල්වා ගත්තේය.අපි ඉදිරියට පියනැගීමු.හීන් කුඩු පොද වැස්සක් වැටිනි.

මට දැනුනේය.

මළිඳු අයියේ...ඔබේ සුවඳ දැනුනි.ඒ අපේ ආදරණීය හිතවතාගේ.....ආශිර්වාදයේ මල් වරුසා වන්නට ඇත....!




****සමුගන්න අවසරයි*****


කඳුළු පිරුණු ඇස් වලින්....හීන් හිනා අරගෙන...
ඉතින් හිනා වෙන්නම් මම...

සත්තයි....හිතට හීනයක් වගේ....

කුඩු පොද ඇවිත්....මුළු ‍යායම පණ ගැහේවි....
ඒ වුනාට...අමතක වේවිද මට නුඹව....එතෙක් දිය දුන් දිය කඳුර...

සත්තයි ඇස් දෙක වගේ මට...
සෙනෙහේ වන්දනාවේ....ඔය සිව් නෙතම මට.....!